අන්තර්ජාතික පාසල් නෙට්බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවන් 12 ක් .

මුද්‍රණය

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්විමට නියමිත ‘වැවර්ලි’ අන්තර්ජාතික පාසල් නෙට්බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය මගින් පාසල් අතරින් තෝරා ගන්නා ලද මෙම ක්‍රිඩිකාවන් සහ ඔවුන් භාර ව  මෙම තරගාවලියට සහභාගී වන ගුරුමහත්ම මහත්මීන් පස් දෙනෙකු වෙත අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

2019.07.02 සිට 2019.07.05 දක්වා දින තුනක් තුළ පැවැත්විමට නියමිත මෙ‍ම තරගාවලිය සඳහා සහභාගී වන පාසල් නෙට්බෝල් ක්‍රිඩිකාවන් හා ගුරුභවතුන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග අධ්‍යාපන අමාත්‍යංශයේ දි සුහද පිළිසඳරකට ද එක්වුණා. අමාත්‍යවරයා ඔවුන් වෙත සිය සුබාශිංසන පිරිනැමූ අතර, සමුහ ඡායාරුපයකට ද පෙනී සිටියා. ඒ අනුව මෙම කණ්ඩායම ජුනි මස 29 වැනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්විමට නියමිතයි.