නවතම පුවත්

කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට ලබන ජනවාරි 03 වැනි දා මුල්ගල තබනවා

AAEAAQAAAAAAAAmFAAAAJGQzZDVhMmEzLWY1ZTktNDNmNC1iYzM5LTk1MWY5OTlkZjg4YQ
ජාත්‍යන්තරයේ ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන වොක්ස්වැගන් සමාගමේ ශාඛාවක් ඉදිකිරීම සඳහා එළඹෙන ජනවාරි 3 වැනි දා කුලියාපිටියේ දී මුල්ගල තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමඟ සෘජු හා වක්‍ර රැකියා රාශියක් ද නිර්මාණය වන අතර, මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමේ අවස්ථාව ද මෙරට තරුණ ප්‍රජාවට හිමිවනු ඇති.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නව රජයේ අධ්‍යාපන වැඩසටහන් අතර ප්‍රධානතම වැඩසටහනක් වන "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන යටතේ ව/ගිරි/ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ පරිපාලන ඒකකය සහිත නව දෙමහල්ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

මීට සමගාමීව ව/ගිරි හොරොම්බාව මහ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ලට, කුලි/කිතලව පූගල්ල මහ විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලට හා කුලි/කිරින්ද මහවිදුහලේ දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමේ උත්සවයන්ටද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (02) පෙරවරුවේ එක්වුණා.

Search