නවතම පුවත්

උසස් පෙළ හදාරන සිසුන් සඳහා ඩයලෝග් ආයතනයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

5566
සන්නිවේදන,තාක්‍ෂණ අධ්‍යාපනය හා ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා අවස්ථාවන් වර්ධනය කිරීම උදෙසා නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුත් ශිෂ්‍ය පරපුර අතරින් දක්ෂතමයන් පිරිසක් තෝරා ගෙන ඔවුන්ගේ හැකියාවන් වඩාත් වර්ධනය කර රටේ සංවර්ධනයට දායක කර ගැනීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ඩයලොග් ආසිආටා සමාගම විසින් අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයේදී හර විෂයන්ගෙන් ඉහළම ලකුණු ලබා භෞතික විද්‍යා අංශයෙන් (ගණිත) උසස් පෙළ හදාරන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහාවන ශිෂ්‍යත්ව ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතින් අද (23) සිදු වුණා. අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ඩයලොග් ආසිආටා ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Search