ගුරුවරුන් වෙත තෑගි භෝග ලබාදීමට මව්පියන්ගෙන් මුදල් එක් රැස් කිරීම වළකාලමින් නව චක්‍රලේඛයක් - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මුද්‍රණය

17
විවිධ අවස්ථාවන්හිදී පාසැල් ගුරුවරුන් සඳහා තෑගි භෝග ලබාදීමට මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම,එලෙස තෑගි භෝග ලබා ගැනීම සහ ඒ සඳහා බලපෑම් කිරීම වළකාලමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මෙවැනි තත්වයන් හරහා නිදහස් අධ්‍යාපනයේ අයිතියට බලපෑම් එල්ල වී ඇති බවත්,ඇතැම් විට දරුවන් පාසල තුළදී මානසික පීඩනයන්ට ලක් වීම සඳහා මෙවැනි කටයුතු හේතු වී ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා, මාපියන්ගෙන් ලැබුණු සංවේදී ඉල්ලීම් රැසක් සළකා බැලීමෙන් අනතුරුව තමා මෙම තීරණයට එළඹි බවත් සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළකළේ "ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ කුලියාපිටිය නක්කාවත්ත මහින්ද ජාතික පාසල සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබීමේ සහ නවීකරණය කොට ඉදිකරන ලද පුස්තකාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.