සුදුස්සන් ස්ථානගත නොකර නුසුදුස්සන් ආරක්ෂා කිරීමට ඇතැම් පළාත් සභා දරන උත්සාහය ඉතා කණගාටුදායකයි - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මුද්‍රණය

11111
පත්වීම් ලද නව විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් ලෙස ම ස්ථානගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය ද තීරණය කර ඇති මොහොතක ඇතැම් පළාත් සභා විසින් එම තීරණය ද අභිබවා නුසුදුස්සන් ආරක්ෂා කිරීමට යාම කණගාටුවට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 2017 අයවැය යෝජනා අනුව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඟාසිටුවීම වෙනුවෙන් රජය වෙන් කර ඇති ප‍්‍රතිපාදන සහ ඒ යටතේ ක‍්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන් සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

කිසිදු දේශපාලන භේදයකින් තොරව, සුදුස්සන් සුදුසු තැන්හි පිහිටුවීම සඳහා තමා නායකත්වය ලබා දී ඇති බවත්, එවැනි මොහොතක පසුගිය කාලයේ දේශපාලන හිතවත්කම් මත පාසල් සඳහා වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පත්කළ පුද්ගලයින් ආරක්ෂා කරමින් ඇතැම් පළාත් සභා ගෙන යන වැඩපිළිවෙළ හමුවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහී යන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම තත්ත්වය හමුවේ අසාධාරණයට ලක්වන විදුහල්පතිවරුන්ට නීතියේ පිළිසරණ පැතීමට ද සිදුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාද ඔවුන්ගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.