නවතම පුවත්

නවක විදුහල්පතිවරුන්ට මැලේසියාවේදී නායකත්වය හා කළමනාකරණය පිළිබඳ පුහුණුවක්

1111111
පාසල් පද්ධතිය සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට වසර දහයකින් විභාග පවත්වා නොතිබුණු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ සෘජු උපදෙස් මත විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පැවැත්වූ අතර ඒ සඳහා පෙනී සිටි විසිදහසකට ආසන්න අපේක්ෂකයින් අතරින් විභාගය ඉහළින්ම සමත් 3901 දෙනෙකු පසුගිය ජූනි මස 16 වෙනි දා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගනු ලැබී ය.

මෙම විභාගයෙන් ඉහළින්ම සමත් නවක විදුහල්පතිවරුන් වෙත විදේශීය පුහුණු අවස්ථා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා.

ඉන් ඉහළම ලකුණු ලබාගත් නවක විදුහල්පතිවරුන් වෙනුවෙන් නායකත්වය හා කළමනාකරණය පිළිබඳව මැලේසියාවේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ පුහුණු වැඩමුළුවක් සඳහා කණ්ඩායම් කීපයක් සහභාගි කරවීමට නියමිත අතර ඉන් එක් කණ්ඩායමක් නියෝජනය කරමින් පිටත්ව යන නවක විදුහල්පතිවරුන් 30 දෙනෙකු වෙත ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රදානය අමාත්‍යවරයා අතින් අද (11) අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා

Search