අධ්‍යාපන ඇමැතිගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දින සැමරුම් උළෙලක්

මුද්‍රණය

lama
ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයේදී ලෝක ළමා දින සැමරුම් උළෙලක් ඊයේ (01) පැවැත්විණි.

මෙම අවස්ථාවට දරු දැරියන් රැසක් එක්ව සිටි අතර දක්ෂතා දැක් වූ දරුවන් ඇගයීමට ද ලක් විය.

මේ උත්සවයට ආව අධ්‍යාපන ඇමතිතුමාව පිළිගන්න මල් මාලයකුත් අරගෙන ආව පුංචි පුතාට සිද්ධ වුණේ හරි අපූරු වැඩක්..

"පුංචි පැටවුන්ගෙ දස්කම් විස්කම් අගයන්න සංවිධානය වුණු මේ උත්සවයේ සැබෑම ප්‍රධාන ආරාධිතයො තමයි මේ" කියපු අධ්‍යාපන ඇමතිතුමා තමන්ට පිළිගන්වපු මල් මාලය අරගෙන ඒක මේ පුංචි පුතාටම ආයිමත් පිළිගැන්වුවා.