අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නව වසරේ වැඩ අරඹයි

මුද්‍රණය

නව වසරේ පළමු රාජකාරි දිනය වූ අද, අධ්‍යාපන අමාත්‍යාංශයට සුවිශේෂ දිනයක්. 2017 එළඹුණු නව වසරට ආශිර්වාද එක්කරමින් පවත්වන ලද විශේෂ සර්වාගමික වතාවත්වලට මුල්තැන දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු අද(02) පෙරවරුවේ ආරම්භ කෙ‍රුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ සුබසාධක සංගමය විසින් ‍මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

අද උදෑසන 6.30 වනවිට අමාත්‍යාංශයට පැමිණි අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඇති සියලු ශාඛා වෙත ගොස් නිරීක්ෂණය කිරීමට ද කටයුතු කිරීම විශේෂත්වයක්.

ඉන් අනතුරුව, අමාත්‍ය කාර්යාලයේ පිළියෙළ කරන ලද විශේෂ තේපැන් සංග්‍රහයට ද එක් වූ අමාත්‍යවරයා එහිදී නිලධාරීන් සමඟ සුහද කතාබහක නිරත වුණා.