පාසල් දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීමට 'දකුණු කොරියාවේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග' අවබෝධතා ගිවිසුමක්

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මෙරට පාසල් දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියානු ජනරජයේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඉදිරියේ දී ද මෙම වැඩසටහන් පැවැත්වීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන අමාත්‍ය, ජෑන්ග් හුවයි ගුක් මහතා අතර දකුණු කොරියාවේ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේදී සිදු කරනු ලැබුවා.

මෙම වැඩසටහන යටතේ යටතේ පසුගිය වසර කිහිපයක සිට මෙරට තෝරාගත් පාසල් වෙත පරිගණක පහසුකම් ලබා දීමට ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා.

මීට අමතරව දකුණු කොරියානු ජනරජයේ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අනුග්‍රහය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් ඇතුළු ගුරු භවතුන් සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් ද දකුණු කොරියාවේ දී වාර්ෂිකව පවත්වනු ලබනවා.