උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සූදානම්

මුද්‍රණය

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB ,කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී තිබෙනවා.

නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර තිබෙනවා.

1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර ගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසු ව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලූ උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය විරාජ් කාරියවසම් මහතා විසින් මීලඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රාජගිරිය ජනාධිපති විදුහලේදී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.