එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ දී

මුද්‍රණය

පවත්වන්නට සියලු කටයුතු සූදානම්;

සිරිකොත ගමට වැඩසටහන මැයි මාසයේ දී අනුරාධපුරයට...

 

මෙවර මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ  දී පැවැත්වීමට  තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඊළඟට එළඹෙන ඕනෑම ජාතික  මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ කටයුතු ද සම්පාදනය කරමින් මෙවර මැයි දින රැලිය සංවිධානය කරන බවයි, පසුගියදා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිටත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත්, සිරිකොත ගමට වැඩපිළිවෙළ සාර්ථක ව කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බවත්, මෙවර මැයි දිනයෙන් පසු සිරිකොත ගමට වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය කරමින් ක්‍රියාත්මක කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.

මැයි රැලියට පෙර එක්සත් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ මෙන් ම දෙපාර්ශවයම එකතු වී ගොඩනඟන  දැවැන්ත පෙරමුණ ප්‍රකාශයට පත්කරන්නට බලාපොරොත්තු වන බවද මහලේකම්වරයා සඳහන් කළා. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින ප්‍රධාන පක්ෂවල ප්‍රධානීන්, සාමාජිකයන්, දේශපාලනඥයින් ඇතුළු ජනතා නියෝජිතයන් සමඟ එක් ව ඊළඟ ජාතික මැතිවරණය ජයග්‍රහණය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බව ද මහලේකම්තුමන් මෙහිදී අවධාරණය කළා.