විභාග ප්‍රතිපල නියමිත දිනට

මුද්‍රණය

2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත්‍රී (28) නිකුත් කෙරුණා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට සහ එමඟින් ප්‍රමාදයකින් තොර ව නිසිකලට සියලු අපේක්ෂකයින් වෙත විභාග ප්‍රතිඵල ලබාදීමට පියවර ගැනීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය වසර කිහිපය තුළ විශේෂ අවධානය යොමු කරනු ලැබු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා සඳහන් කළේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ පැවැත්වෙන සියලු විභාගවල ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව වසරේ නිශ්චිත දිනයන්හි දී ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 05 වැනි දින ලබාදීමට ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 දින ලබාදීමට ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දින ලබාදීමට ද මේ වනවිට පියවර ගෙන අවසන්.