පාසල් තුළ ඉගෙනුම් - ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු කිරීමට උපදෙස්

මුද්‍රණය

 2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම් - ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

          රටේ පැවැති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා අතපසු වූ සති 02 ක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බැවින්, සියලු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ද  දන්වා ඇති අතර සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවයක් මතු වුවද සාමාන්‍ය පරිදි කාළ සටහන් අනුවම අධ්‍යයන කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රජාව දැනුවත් කර තිබෙනවා.