ජාත්‍යන්තර,ජාතික සහ පළාත් ජයග්‍රහණ ලැබූ  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 3888 දෙනෙකු පාසල් ක්‍රීඩා නංවාලීම සඳහා පාසල් පද්ධතියට.

මුද්‍රණය

පාසල් ක්‍රීඩාව නංවාලීම සඳහා ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3888 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්වීමට නියමිතයි.

මීට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් ඇතුලු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසකගේ සහභාගිත්වයෙන් ලබන සඳුදා (13) පෙරවරු 11.30 ට අරලියගහ මන්දිරයේ දි පැවැත්වේ.

ජාත්‍යන්තර, සමස්ත ලංකා සහ පළාත් තරඟවලදී ප්‍රථම දෙවන හා තුන්වන ස්ථාන හිමිකරගනිමින් විවිධ ක්‍රීඩා ඉසව් තුළ දක්ෂතා දැක් වූ ක්‍රීඩික ක්‍රීඩිකාවන් පමණක් විධිමත් ප්‍රායෝගික සහ සම්මුඛ පරීක්ෂණ වලින් අනතුරුව මේ සඳහා තෝරාගෙන තිබෙනවා. ඔවුන් සඳහා තවදුරටත් විශේෂ නේවාසික පුහුණුවක් ද ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර පුහුණුවෙන් පසු දිවයින පුරා පාසල්වල ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස ඔවුන් රාජකාරියට එක්වනු ඇති.