උපාධිධාරීන් පන්සිය අනූ දෙදෙනෙකු ගුරු සේවයට ..

මුද්‍රණය

සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවාගත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට සහ 2-11 ශ්‍රේණියට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරුණා.

ඒ,බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී.

මෙහිදී පන්සිය අනූ දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම සිදු වුණා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ වැඩබලන අධ්‍යාපන ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.