නවතම පුවත්

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනක සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවය අමතමින් අධ්‍යාපන  නීතීඥ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ කතාව.

පෙළපොත් මුද්‍රණය ආරම්භයේ පටන් ම විෂය භාර අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය පෙළපොතට ඇතුළත් කර ඇති බවත්, හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන්ගේ ද වර්ණ ඡායාරූප සහිත ව ප්‍රකාශ අන්තර්ගත ව ඇති අවස්ථා ගණනාවක් ම ඇති බවත් ජනාධිපති විමර්ශන කොමිසම අද (01) පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කෙරුණා.

එම සාක්ෂි ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින්.

සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මාධ්‍ය අමතා කළ ප්‍රකාශය මේ සමග දැක්වෙනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්විමට නියමිත ‘වැවර්ලි’ අන්තර්ජාතික පාසල් නෙට්බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පාසල් ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය මගින් පාසල් අතරින් තෝරා ගන්නා ලද මෙම ක්‍රිඩිකාවන් සහ ඔවුන් භාර ව  මෙම තරගාවලියට සහභාගී වන ගුරුමහත්ම මහත්මීන් පස් දෙනෙකු වෙත අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

2019.07.02 සිට 2019.07.05 දක්වා දින තුනක් තුළ පැවැත්විමට නියමිත මෙ‍ම තරගාවලිය සඳහා සහභාගී වන පාසල් නෙට්බෝල් ක්‍රිඩිකාවන් හා ගුරුභවතුන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග අධ්‍යාපන අමාත්‍යංශයේ දි සුහද පිළිසඳරකට ද එක්වුණා. අමාත්‍යවරයා ඔවුන් වෙත සිය සුබාශිංසන පිරිනැමූ අතර, සමුහ ඡායාරුපයකට ද පෙනී සිටියා. ඒ අනුව මෙම කණ්ඩායම ජුනි මස 29 වැනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්විමට නියමිතයි.  

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සංකල්පයක් අනුව එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැගිලි 250ක් හෙට (4) ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීමට නියමිතයි.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ, අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මැතිතුමියගේ සහභාගීත්වයෙන් හෙට පෙරවරු 10.00 ට පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී මෙම ජාතික මහෝත්සවය පැවැත්වෙනවා.

මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර විවෘත කිරීම පසුගිය මාර්තු මාසයේ දී සිදුකෙරුණු අතර, හෙට ක්‍රියාත්මක වන්නේ එහි දෙවැනි අදියරයි. දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 4500ක මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති අතර, හෙට දින සිසු අයිතියට පත්වන පාසල් ගොඩනැගිලි අතර, ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන 68ක්, පන්ති කාමර ගොඩනැගිලි 52ක්, කණිෂ්ඨ ද්විතීයික විද්‍යාගාර 22ක්, විදුහල්පති නිල නිවාස 31ක්, ගුරු නිවාස 32ක්, තාක්ෂණික ගොඩනැගිලි 34ක්, සෞන්දර්ය ඒකක 1ක්, ආපන ශාලා 9ක් සහ දන්ත ශල්‍යාගාර 3ක් ඇතුළත් වනවා.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ වැඩ නිමකිරීමට  අපේක්ෂිත 18000ක් වන සමස්ත සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන් වැඩ අවසන්ව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව මේ වනවිට 12000ක් පමණ වනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65000ක් වනවා.

මීට සමගාමී ව පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ  නව දේශන ශාලා සංකිර්ණය, සුහුරුපන්ති කාමර හා ශ්‍රවනාගාරය විවෘත කිරීම ද මෙහි දී  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතයි.

                                                   

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මහව කලාපයේ පාසල් රැසක ගොඩනැගිලි සිසු අයිතියට පත් කරමින් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය

 

 

 

 

 

 

හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90වන සංවත්සරය නිමිත්තෙන් බහුතාක්ෂණ විද්‍යාගාරය සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා ඵලකය විවෘත කිරීම අධ්‍යාපන අමා‍ත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස පස්වන සිකුරාදා පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් සිරස නාලිකාවේ පැවති වැඩසටහනකදී පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය ලබුගම නාරද ස්වාමීන් වහන්සේ පළ කළ අදහස් මෙසේයි.

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මහව කලාපයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාශයට අයත් පාසල්වල ඉදිකිරීම් නිම කර ඇති ගොඩනැගිලි රැසක් සිසු අයිතියට පත් කිරීම 29වන දා සිදු කෙරුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී සාලිය අශෝකා නවෝද්‍යා මහා විද්‍යාලයේ තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ අවස්ථාවයි මේ..

උසස් පෙළ සිසු සිසුවියන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන සඳහා අද (25) කැබිනට් අනුමැතිය හිමි වුණා.

ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

 

 

  • විවිධ න්‍යායපත්‍ර තිබෙන අය මෙම බඳවාගැනීම්වලට මුලසිටම විරුද්ධ වුණා, එහෙත් අපි අපේ සටන අත්ඇරියෙ නැහැ - අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම්

ක්‍රියාශීලී දරුපරපුරක් පාසල් පද්ධතිය තුළ ගොඩනැඟීමේ ක්‍රියාවලියට දායකත්වය සපයමින් පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් ප්‍රායෝගික ව කටයුතු කළ හැකි ක්‍රීඩා පුහුණුකරුවන් 502 දෙනෙකුට අද  පත්වීම් ලබාදෙනු ලැබුවා. ඒ අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. අද (02) මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේ මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පැවැත්වුණා.

ක්‍රීඩා පුහුණුකරුවන් බඳවාගැනීමේ වැඩපිළිවෙළ අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර,  අද ක්‍රියාත්මක වූයේ, එහි දෙවැනි අදියරයි. ඒ අනුව, එකවර පාසල් පද්ධතියට ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් මුදාහැරෙනුයේ ඉතිහාසයේ පළමු අවස්ථාවටයි.

මෙසේ ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බඳවාගන්නා ලද්දේ, ජාත්‍යන්තර හෝ ජාතික තලයේ සුවිශේෂ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ලෙස ප්‍රායෝගික අත්දැකීම් ලබා ඇති අයයි. විභාග සුදුසුකම් මත සිදුකරන සාම්ප්‍රදායික බඳවාගැනීමේ ක්‍රමවේදයට ඉදිරිගාමී පියවරක් එක් කරමින් ක්‍රීඩාව ප්‍රායෝගික ව හුරුව සිටින අයගෙන් රටේ පාසල් දරුවන්ට ක්‍රීඩා පුහුණුව ලබාදීමට ගත් අභියෝගාත්මක ප්‍රයත්නයක් ඉටු වූ අවස්ථාවක් ලෙස තමා ඉතා සතුටට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම බඳවාගැනීම් සම්බන්ධ ව සිය අදහස් පළ කරමින් කියාසිටියා.

දිගුකලක් තිස්සේ පළාත් සභා මට්ටමින් මෙම බඳවාගැනීම් ක්‍රියාවට නංවන ලෙස ඉල්ලීම් සිදුකළ ද එය අසාර්ථක වූ බවත්, මේ නිසා  මධ්‍යම රජය යටතේ මෙම බඳවාගැනීම් සිදුකරන්නට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත් බව ද, පසුගාමී මානසිකත්වයෙන් කටයුතු කරන අය සහ ඇතැම් වෘත්තීය සංගම් මේ සම්බන්ධ ව කවරාකාරයෙන් මතවාද පළ කළ ද, රටේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් සිදුකළ මෙම බඳවාගැනීම් තුළ ක්‍රීඩාවෙහි අදක්ෂයින් කිසිවෙක් බඳවාගෙන නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

සම්ප්‍රදායික රටාවෙන් බැහැර ව වෙනස් අයුරින් සිතමින්, අභියෝග හමුවේ නොසැලෙමින් කටයුතු කළ නිසා එකවර මෙවන් විශාල පිරිසක් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස බඳවාගැනීමට තමන්ට අවස්ථාව සැලසුණු බව ද, පාසල් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් මෙම බඳවාගනු ලබන සියලු නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙන බව ද, අනාගතයේ දිනක ජාත්‍යන්තරය ජයගත හැකි එක් විශිෂ්ට ක්‍රීඩකයෙක් හෝ තම පුහුණුව යටතේ පාසල් පද්ධතියෙන් බිහිකරන්නට මෙම පුහුණුකරුවන්  සමත්විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මැතිතුමිය, රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, ජ්‍යේෂ්ඨ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

“ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ මහව කලාපයේ මහනාන්නෙරිය ප්‍රාථමික විදුහලේ ශ්‍රවණාගාරයක් සහිත දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින්, තවත් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

මෙය මෑතකාලීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශිෂ්ට ජයග්‍රහණයක් බවත්, එය සිසු දරුදැරියන්, ගුරුභවතුන්, දෙමව්පියන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශවයන්ට අතිශයින් සතුටට පත්විය හැකි මොහොතක් බවත්, අමාත්‍යවරයා සදහන් කළා.

මේ සම්බන්ධ ව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බව ද, ඉතා ඉක්මණින් පාසල් පද්ධතිය තුළට මෙම ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.

අතිගරු ජනාධිපතිතුමන්ගේත්, අග්‍රාමාත්‍යතුමන්ගේත්, කැබිනට් මණ්ඩලයේත් පූර්ණ සහයෝගය නිසා මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය වෙත හදුන්වාදීමට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් තම කෘතවේදීත්වය පළ කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ලෙස දෙවැනිවර විභාගයට පෙනී සිට සමත් වූ සහ ජාතික පාසල්වලට අනුයුක්ත ව ගුරු සහායක පත්වීම් ලබා සේවයේ යෙදී සිට උපාධි සුදුසුකම හෝ ගුරු පුහුණුව සම්පූර්ණ කිරීම මත ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගත් ගුරුවරුන් වෙනුවෙන් අද අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති පත්වීම් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්. මෙහි දී නවක ගුරුවරුන් 44 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණා.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ සහ රාජ්‍ය ලේකම් තිස්ස හේවා විතාන මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

Search