නවතම පුවත්

බුද්ධි අංශ කිසිසේත්ම අඩපණ කර නොමැති අතර ඒ පිළිබඳ දේශපාලන උවමනා මත ඇතමුන් පතුරවා හරින කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ බුද්ධි අංශ නිලධාරීන් හතර දෙනෙකු පමණක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඝාතනයට ලක්වූවන්ගේ හත්දවසේ දානය දීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා මිනිස් සිරුරු මතින් දේශපාලනය කරමින් ජනාධිපති අපේක්ෂක ලෙස ක්‍රියා කිරීමට තැත් කිරීම තරයේම හෙළා දකින බව ඇමැතිවරයා සඳහන් කළා.

පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශවල දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බව පැවසූ ඇමැතිවරයා ඒ අතරින් අත්අඩංගුවේ පසුවන්නේ පැහැර ගැනීමේ කප්පම් ගැනීම් චෝදනා යටතේ ඇප දීමට නොහැකිව සිටින සිව්දෙනෙකු පමණක් බවත් සඳහන් කර සිටියා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ අතුරුදන් මාධ්‍යවේදී එක්නැලිගොඩ ඇතුළු සිදුවීම් පිළිබඳ අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරීන් ඇප මත මුදාහැර තිබෙන බවත් ඇමැති නීතිඥ කාරියවසම් මහතා අවධාරණය කර සිටියා.

බුද්ධි අංශ දේශපාලනීයකරණය නොකරන ලෙසටත් බුද්ධි අංශ තොරතුරු පදනම් කරගනිමින් ප්‍රහාර සිදුවී සතියක් ගතවීමට මත්තෙන් සියලුම වගතුග සොයාගෙන ත්‍රස්තවාදීන් හඹාගොස් දක්ෂව ක්‍රියාකරන පොලිසියට, ත්‍රිවිධ හමුදාවට ගෞරවනීය ස්තුතිය පිරිනමන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධානී ආරක්ෂක නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දරද්දී ඔහුගේ ආරක්ෂක ප්‍රධානියකු බව සිහිපත් කළ ඇමැතිවරයා හෝටලයට ආරක්ෂාව සැපයීමට ඔහුට නොහැකි වූ බවත් අවධාරණය කර සිටියා.

අතීතයේදී ගෝඨාභය රාජපක්ෂ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී බුද්ධිඅංශ වාර්තා නොතිබුණේදැයි මෙහිදී ඇමැතිවරයා ප්‍රශ්න කරමින් වැඩිදුරටත් සිහිපත් කර සිටියා.

ලොව හොඳම බුද්ධි අංශයක් ලෙස අපගේ බුද්ධි අංශ හඳුන්වාදීමට හැකි බවත් සඳහන් කළ ඇමැතිවරයා බුද්ධි අංශ වෙත පහර නොදෙන ලෙසත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බුද්ධි අංශ වෙත චෝදනා එල්ල කරමින් අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීම ප්‍රතික්ෂේප කරන බවත් වැඩිදුරටත් සඳහන් කළා.

 

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019.04.30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. නමුත් රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම කාලය 2019.05.20 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

පාසල් හා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිසු දරු දැරියන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියල්ලගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි වගකීමක් ඇති බැවින්, සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර තිබෙනවා.

එළඹෙන 29 වැනි සඳුදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඊට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක ප්‍රධානීන් මේ වනවිටත් දැනුවත් කර ඇති අතර අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා විසින් ද පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ගෙන් ද ලිඛිත ඉල්ලීම් සිදු කර තිබෙනවා.

පාසල් දෙවන වාරය ආරම්භ කිරීමට නියමිත අප්‍රේල් 29 වැනිදා ට පෙර පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට ද, පාසල් බස් රථ, වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය ද සැලකිල්ලට ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අවශ්‍ය කඩිනම් පියවර ගනු ඇති.

මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා කලාප අධ්‍යක්ෂවරුන් ද දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින දක්වා කල්යාම සැලකිල්ලට ගෙන, තිලිණපත්වල වලංගු කාලය 2019-05-31 දක්වා දීර්ඝ කරන ලදි

2019.04.29 වන සදුදා දින පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රටතුළ උද්ගතව ඇති තත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කළ බව මින් දැනුම් දෙමු.

උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට පියවර ගනු ඇත.  

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව   එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.
මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි සැළසුම් කර තිබුණේ.නමුත් මේ වන විට රටතුළ මතුව ඇති තත්වය සැළකිල්ලට ගනිමින් එය අවලංගු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා

ඉස්ලාම් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා එල්ල වී ඇති  අරාබි පාසල් හෝ මද්‍රසා පාසල්  කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අවධාරණය කරමු.
 
පසුගිය දිනවල ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවත් ඒවායේ සිදුවන අන්තවාදී ඉගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බවත් සඳහන් කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරය නිරීක්ෂණය විය.
 
මෙම සියලු ප්‍රකාශයන් පදනම් විරහිත අතර අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති බලතල අනුව ඒ යටතේ ක්‍රියාත්මක ජාතික පාසල් , පළාත් පාසල් , රජයේ අනුමත පුද්ගලික පාසල් , උපකෘත විශේෂ පාසල් හෝ පිරිවෙනකට අයත් වන කිසිදු ස්ථානයක මෙම අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් ක්‍රියාත්මක නොවන බව නිළධාරීන් විසින් තවදුරටත් තහවුරු කර ඇති බවත් මින් අවධාරණය කරන අතර එවැනි ස්ථාන නියාමනය කිරීමේ බලයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බව මින් දැනුම් දෙමු.

පාසල් දරුවන් ඇතුලු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු 25/2019 දරණ මෙම චක්‍ර ලේඛයට ඇතුළත් කර තිබෙනවා.

පාසල් ප්‍රජාව දැනුවත් කිරීම යටතේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව අවදානම් තත්ත්ව හඳුනා ගැනීම හා වළක්වා ගැනීම සියලු කාර්ය මණ්ඩලය සිසුන් මාපියන් හා ආදි සිසුන් ඇතුලු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මෙම චක්‍ර ලේඛයෙන් දැනුම් දි තිබෙනවා.

මීට අමතරව පාසල් තුළ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය මාපියන් සහ ආදි ශිෂ්‍ය සමිතිවල සහභාගිත්වයෙන් ආරක්ෂක කමිටු හා අනු කමිටු පිහිටුවා ගැනීම පිළිබඳව ද කරුණු මෙම චක්‍ර ලේඛයට ඇතුළත්.

ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කරුණු රැසක් මෙම චක්‍ර ලේඛයෙන් වැඩි දුරටත් අවධාරණය කර ඇති අතර සිසු දරුවන් පාසලට පැමිණිමේ දී හා පිටවීමේ දී පාසල් ප්‍රවේශ අසළ ආරක්ෂාව තහවුරු කිරීම, පාසලට පැමිණෙන දරුවන්ගේ ගමන් මලු සහ පාසල් බෑග් පරීක්ෂා කිරීම, සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම, නේවාසිකාගාර පවතින පාසල්හි නේවාසිකාගාර ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම, හදිසි අවස්ථාවකදී පාසල් ප්‍රජාව කඩිනමින් දැනුවත් කිරීම සඳහා උචිත සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම, ගුරුවරුන් හා මා පියන් අතර ඉක්මණින් සන්නිවේදනය කර ගැනීම සඳහා ක්‍රම වේද සකසා ගැනීම ඇතුලු කරුණු 18 ක් පිළිබඳව ද මෙම චක්‍ර ලේඛයෙන් අවධානය යොමු කර තිබෙනවා.

පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කොට්ඨාශභාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල් පිරිවෙන් හා දිවයිනේ සෙසු සියලු පාසල් ප්‍රධානීන්ට මෙම චක්‍ර ලේඛය යොමුකර තිබෙනවා.

2019 වසරේ පළමු පාසල් වාර නිවාඩුව අප්‍රේල් මස 28 වැනි දින දක්වා දීර්ඝ කර ඇති අතර, ඒ අනුව දෙවැනි පාසල් වාරය සඳහා රජයේ සියලු පාසල් අප්‍රේල් මස 29 වැනි සඳුදා දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මේ අතර, දිවයිනේ සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන් මේ වනවිටත් නේවාසික ව අධ්‍යයන කටයුතුවල නිරත ව සිටින හෙයින්, ඔවුන් සඳහා වන විභාග කලින් දැනුම් දී ඇති පරිදි අප්‍රේල් මස 26 දින සිට පැවැත්වීමට කටයුතු යොදන ලෙස ද උපදෙස් ලබාදුන් බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

2019.04.29 වන සදුදා දින (හෙට) පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රටතුළ උද්ගතව ඇති තත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා පුහුණුකරුවන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇති.

පාසල් හා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.


සිසු දරු දැරියන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියල්ලගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි වගකීමක් ඇති බැවින්, සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලුම ජාතික හා පළාත් පාසල් භූමි හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර තිබෙන්නේ.

එළඹෙන 29 වැනි සඳුදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඊට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශවල අරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක ප්‍රධානීන් මේ වනවිටත් දැනුවත් කර ඇති අතර අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ පාසල් වාරය ආරම්භයට පෙර සියලුම පාසල් භූමි සහ ඒ අවට ප්‍රදේශයන් විශේෂ සෝදිසියකට ලක් කොට ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා විසින් ද පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ගෙන් ද ලිඛිත ඉල්ලීම් සිදු කර තිබෙනවා.

එමෙන්ම පාසල් භුමිය හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව, පාසල් බස් රථ, වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය ද සැලකිල්ලට ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අවශ්‍ය කඩිනම් පියවර ගනු ඇති.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ පාසල් ආරම්භ වීමෙන් පසුවද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී  අමාත්‍යවරයා විසින් අදාල අංශ දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා.

මේ වන විටත් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා කලාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි ශ්‍රී ලාංකික ළමුන් අධ්‍යාපනය ලබන පාසල දෙකක සංචාරය කළා.

විදුර විදුහල සහ සාන්ත ජෝශප් විදුහලේ මෙලෙස කරන ලද සංචාරයන් හිදී සිසු සිසුවියන් සහ ගුරුභවතුන් අමාත්‍යතුමන්ව සාදරයෙන් පිළිගනු ලැබුවා.


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රදානෝත්සවයක් ද එහිදී පැවැත්වුණා.

 

 

Search