නවතම පුවත්

විෂයයන් කිහිපයක් තුළ කොටු වූ , විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබෙනවා. ඒ, පිරුණු හැකියාවක් දිනන හැකියාවක් යන තේමාව යටතේ අ.පො.ස උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති විෂයන් 26 ක වෘත්තීය ප්‍රවේශ නව විෂය මාලාව හරහායි. 

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්,  අනාගත අභියෝග ජයගනිමින්රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකු වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත්, සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර සියලු විෂයයන් සඳහා Aසාමාර්ථ ලබාගත් දරුවන්ට මෙන් ම සියලු විෂයයන් අසමත් වූ දරුවන් වෙත ද එක සේ සුබ පැතුම් එක් කිරීමට හැකි වීම සතුටට කරුණක් බවඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. 

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 308843 ඉදිරිපත් වූ බවත් ඉන් අයදුම්කරුවන්226417 දෙනකු එනම් 75.09 % උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එය පසුගිය වසරේ ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමේ දී පැහැදිලි වර්ධනයක් පෙන්වන බව ද සඳහන් කළා. 2016 වසරේ පාසල් අයදුම්කරුවන්ගෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය 69.94% ක්, 2017 වසරේදී එය 73.05%ක්.


මෙවර සියලු විෂයන් සඳහා ( A9 ) “A” සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 9413ක්. එමෙන්ම විෂයයන් සියල්ල අසමත් සිසුන් පිරිස 6195 ක්. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් නොලබන පිරිස 82426ක්.

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් දරුවන් මෙන් ම විභාගය අසමත් දරුවන් ද උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා ගැනීමට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන  යටතේ අවස්ථාව සලසා ඇති බවත්, ඒ අනුව, කිසිම දරුවෙක් උසස් පෙළ හදාරන තෙක් පද්ධතියෙන් ඉවත් නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.  

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ නව ලොව අවශ්‍යතා පාදක කරගනිමින් වෘත්තීය විෂයන් 26ක් සහිත ව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ප්‍රථම වරට පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර 2කට පෙරයි. නියාමන අදියරෙහි ක්‍රියාත්මක කළ එම වැඩසටහන 2019 වසරේ සිට දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කර ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු දරුවන්ට උසස් පෙළ සඳහා වෘත්තීය විෂය ධාරාව තෝරාගැනීමට ඒ අනුව මේ වසරේ සිට ඉඩප්‍රස්ථා සැලසී තිබෙනවා.

ආසියානු පැසිපික් ළමා සමුළුවේ දූත කණ්ඩායම් හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රි ලංකාවට පැමිණි ජපන් සිසු සිසුවියන්ගෙන් සමන්විත දූත පිරිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවුණා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී.

අමාත්‍යතුමන් එහිදී ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් තමන් ජපානයේ දී ලද අත්දැකීම් පැමිණී සිටි සිසු සිසුවියන් සමග හුවමාරු කරගත්තා.

මෙහිදී සිසු සිසුවියන් සඳහා සමරු තිළිණ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් පිරිනැමුණා.

ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ බෝයවලාන මහා විද්‍යාලයේ ඉදි කළ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදුවුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

 

තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

මෙරට ග්‍රන්ථ ප්‍රකාශන ක්‍රියාදාමය තුළ පුළුල් කාර්යභාරයක නිරත ව සිටින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකිරීමෙහි ලා භාෂාව හා සාහිත්‍යය යොදාගැනීම වෙනුවෙන් වන සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සාහිත්‍ය පාලමක් නමින් සංවිධානය කර ඇති ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියයි. මෙම ග්‍රන්ථ පරිවර්තන ව්‍යාපෘතියේ සමාරම්භය සහ අදාළ ලේඛක මණ්ඩලය සමඟ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.

මෙම පරිවර්තන ව්‍යාපෘතිය මඟින්  සිංහල බසින් ලියැවුණු පොත් දෙමළ භාෂාවටත්, දෙමළ බසින් ලියැවුණු පොත් සිංහල භාෂාවටත් ඉංග්‍රීසි බසින් ලියවී ඇති තෝරාගත් කෘති කිහිපයක් සිංහල සහ දෙමළ භාෂාවන්ටත්, ජාත්‍යන්තරයට යාහැති මට්ටමේ විශිෂ්ට දෙමළ සහ සිංහල කෘති ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය කිරීමට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ජාතීන් අතර එකමුතුව, සුහදතාව සහ අවබෝධය පුළුල් කිරීමටත්, ඒ ඇසුරෙන් සංස්කෘතික හුවමාරුවක් සහ වඩාත් ගුණාත්මක පොත්පත් සමාජගතකිරීමටත් මේ හරහා අවස්ථාව සැලසෙන අතර මෙම ග්‍රන්ථ පරිවර්තන ක්‍රියාවලිය තුළ උපදේශන කමිටුව ලෙස කටයුත් කරන්නේ, මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය යෝගරාජා, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බුද්ධදාස ගලප්පත්ති, සහ එස් සිවගුරුනාදන් මහතායි.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර තුළ දී කෙටිකතා වෙළුම් දෙකක් පරිවර්තනය කිරීමට නියමිතව ඇති අතර, ඉන් එක් වෙළුමක් අද්‍යතන කෙටිකතාකරුවන්ගේ කෙටිකතාවලින් සමන්විත අතර, දෙවැනි වෙළුම 2000 වසරට පෙර යුගයේ බිහි වූ ලේඛකයින්ගේ කෙටිකතාවලින් සමන්විත වනවා. ඒ අනුව ආරම්භක අදියර තුළ ඉහළ සාහිත්‍යමය වටිනාකමින් යුත් සිංහල බසින් රචිත අද්‍යතන කෙටිකතා 7ක් දෙමළ භාෂාවට ද දෙමළ බසින් ලියවුණු කෙටිකතා 7ක් සිංහල භාෂාවට ද පරිවර්තනය කිරීමට නියමිතයි. එමෙන් ම දෙවැනි අදියර තුළ දී නවකතා හා ශාස්ත්‍රීය කෘති පරිවර්තනය කිරීමට නියමිත අතර ජාත්‍යන්තරයට යායුතු මට්ටමේ සිංහල හා දෙමළ කෘති ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමට ද අපේක්ෂිතයි. ඉදිරියේ දී මුද්‍රණය කෙරෙන මෙම පරිවර්තන ග්‍රන්ථ සියලු ම පාසල් හා මහජන පුස්තකාල වෙත බෙදාහැරෙන අතර රට තුළ විදග්ධ පාඨක ප්‍රජාවක් ගොඩනැඟීමට අවැසි පසුබිම සකස්කිරීම මෙම සද්කාර්යයෙහි මූලික අපේක්ෂාවයි.

මෙම සමාරම්භක උත්සව අවස්ථාවට එක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  ප්‍රකාශ කළේ,  මෙරට සිංහල සහ දෙමළ ප්‍රජාව අතර සංස්කෘතික  හුවමාරුවක් මෙන් ම ගුණාත්මක බවින් යුත් සාහිත්‍ය කෘති සමාජගත කිරීමට මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම ඉතා කාලෝචිත වන බවයි. ඕනෑම පුස්තකාලයක අනිවාර්යයෙන් ම තිබිය යුතු පොත් පිළිබඳ යම් කිසි හඳුනාගැනීමක් සිදුකළ හැකි නම් ඉදිරියේ දී ඒ අනුව, අදාළ පරිවර්තන කාර්යයන්, නැවත මුද්‍රණ කාර්යයන් වෙනුවෙන් වැඩි අවධානය යොමු කළ හැකිවන බව මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන් ම  සිංහල බසින් දෙමළ බසට මෙන් ම දෙමළ බසින් සිංහල බසටත්, ඉංග්‍රීසි බසින් රචිත ඉතා වටිනා කෘති සිංහල සහ දෙමළ භාෂා දෙකටත් පරිවර්තනය කිරීම අගය කළ යුතු සද්කාර්යයක් බව ද වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවා. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්ත මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

පවත්වන්නට සියලු කටයුතු සූදානම්;

සිරිකොත ගමට වැඩසටහන මැයි මාසයේ දී අනුරාධපුරයට...

 

මෙවර මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ  දී පැවැත්වීමට  තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඊළඟට එළඹෙන ඕනෑම ජාතික  මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ කටයුතු ද සම්පාදනය කරමින් මෙවර මැයි දින රැලිය සංවිධානය කරන බවයි, පසුගියදා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිටත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත්, සිරිකොත ගමට වැඩපිළිවෙළ සාර්ථක ව කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බවත්, මෙවර මැයි දිනයෙන් පසු සිරිකොත ගමට වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය කරමින් ක්‍රියාත්මක කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවා.

මැයි රැලියට පෙර එක්සත් පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ මෙන් ම දෙපාර්ශවයම එකතු වී ගොඩනඟන  දැවැන්ත පෙරමුණ ප්‍රකාශයට පත්කරන්නට බලාපොරොත්තු වන බවද මහලේකම්වරයා සඳහන් කළා. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින ප්‍රධාන පක්ෂවල ප්‍රධානීන්, සාමාජිකයන්, දේශපාලනඥයින් ඇතුළු ජනතා නියෝජිතයන් සමඟ එක් ව ඊළඟ ජාතික මැතිවරණය ජයග්‍රහණය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බව ද මහලේකම්තුමන් මෙහිදී අවධාරණය කළා.

අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකළ ගිරිඋල්ල රත්නාලංකාර මහා විද්‍යාලයේ ද්විතීයික කණිෂ්ඨ විද්‍යාගාරය සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මේ සඳහා වැය කර ඇති මුදල මිලියන 35 කට ආසන්නයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූවේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුලු අධ්‍යාපනයේ කිසිදු තනතුරකට දේශපාලන අතපෙවීම් නොකිරීම මගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ගේ පුහුණුව සහ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා විදුහල්පතිවරුන් 1000 කට ආසන්න පිරිසකට මේ වනවිට විදෙස් පුහුණු අවස්ථා උදාකර ඇති බව ද සඳහන් කළා.

ගතවූ වසර 4 ක කාලය තුළ කිසිදු නුසුදුසු ගුරුවරයෙකු අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර නොගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා විද්‍යාපීඨ බඳවා ගැනීම් දෙගුණ කිරීම සඳහා නේවාසිකාගාර ඇතුලු පහසුකම් සංවර්ධනය කර ඇති‍ අයුරු ද සඳහන් කළා.

උපාධිධාරීන් 20,000 කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 5,000 ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3,500 ක් බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කර ඇති බව ද සඳහන් කළා.

 

උසස් පෙළ හදාරන සිසුන්ට සහ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට මෙම වසරේ දී කෙසේ හෝ ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, අනාගතයේ දී පහළ ශ්‍රේණිවල දරුවන්ට ද ටැබ් පරිගණක යොදා ගනිමින් අධ්‍යයන කටයුතු කිරීමට ද සිදුවනු ඇති බව ද සඳහන් කළා.

මීට අමතරව ගිරිඋල්ල කලාපයට අයත් කඩහපොල මහා විද්‍යාලය, පොල්ගහයාය මුස්ලිම් ම.වි., මැටියගනේ ම.වි., පරනගම ප්‍රා.වි,බෝයවලාන ම.වි, වෑවල ප්‍රා.වි., වෙන්නරුව විජයබා මහා විද්‍යාලයේ ඉදිකිරීම් නිමකර ඇති ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන විවෘත කිරීම් ද ගරු අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා

 

2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත්‍රී (28) නිකුත් කෙරුණා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට සහ එමඟින් ප්‍රමාදයකින් තොර ව නිසිකලට සියලු අපේක්ෂකයින් වෙත විභාග ප්‍රතිඵල ලබාදීමට පියවර ගැනීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය වසර කිහිපය තුළ විශේෂ අවධානය යොමු කරනු ලැබු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා සඳහන් කළේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ පැවැත්වෙන සියලු විභාගවල ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව වසරේ නිශ්චිත දිනයන්හි දී ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 05 වැනි දින ලබාදීමට ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 දින ලබාදීමට ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දින ලබාදීමට ද මේ වනවිට පියවර ගෙන අවසන්.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජය කළ හැකි කිසිවෙකු නොමැති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

තමන් ඉකුත් දා සිදු කළ ප‍්‍රකාශයක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. 

ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ නාරම්මල පොල්ගහයාය අස්-ශිරාජ් මුස්ලිම් මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සිදුවුණා. දඹදෙණිය එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.

2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ  ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරනවා.

සෑම වසරක ම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට සහ එමඟින් ප්‍රමාදයකින් තොර ව නිසිකලට සියලු අපේක්ෂකයින් වෙත විභාග ප්‍රතිඵල ලබාදීමට පියවර ගැනීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය වසර කිහිපය තුළ විශේෂ අවධානය යොමු කරනු ලැබුවා. ඒ අනුව,  ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ පැවැත්වෙන සියලු විභාගවල ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව වසරේ නිශ්චිත දිනයන්හි දී  ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 05 වැනි දින ලබාදීමට ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල  මාර්තු 28 දින  ලබාදීමට ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දින ලබාදීමට ද  මේ වනවිට පියවර ගෙන අවසන්.  

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 422,850ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 233791 ක්ද අයදුම්කර ඇති අතර,  ඒ අනුව සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 656641ක් වනවා. පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා සිට 12 වැනි දා තෙක් දිවයින පුරා මධ්‍යස්ථාන 4661 ක මෙම විභාගය පැවැත්වුණා. පසුගිය වසර වල  මෙන් ම මෙවර ද සියලු අපේක්ෂකයින්ගේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු යොදා ඇති අතර, www.donets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද සලසා තිබෙනවා.

ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ කඩහපොල ධර්ම විජය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම සිදු වුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් .

එම අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.










එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ස්වාධීන රුපවාහිනී සේවය සමග පෙරේදා (14) පැවති සාකච්ඡාවක දී අධ්‍යාපනයේ සහ දේශපාලනයේ වර්තමාන තත්ත්වය විග්‍රහ කළ ආකාරය පහතින් නැරඹිය හැකියි.

 

Search