නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුව අමතමින් කළ කතාව පහතින් නැරඹිය හැකියි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුව අමතමින් වැදගත් පැහැදිලි කිරීමක් සිදු කළා.

රජය විසින් ජනතාවට ලබාදුන් සහන පිළිබඳවද අමාත්‍යතුමන් එහිදී දැනුවත් කරනු ලැබුවා.

කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිදුකෙරුණා

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා නොවිසඳී පවත්නා අර්බුදයට සාධාරණවූත්, ප්‍රායෝගික වූත් විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක අතර කුරුණෑගල මගුරුඔයවත්තේ හෙට සිට සිසු අයිතියට පත්වන විශ්වෝදා විද්‍යාලය ද එම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පාසලක්.

වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලු පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම වෙනුවෙන් ඉතිහාසයේ එදාමෙදාතුර ක්‍රියාවට නැංවෙන විශාලත ම සංවර්ධන වැඩසටහන වන්නේ ළගම පාසල හොදම පාසල වැඩසටහනයි. මේ යටතේ දැනට පවත්නා පාසල් භෞතික හා මානව සම්පත්වලින් සංවර්ධනය කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. විශ්වෝදා විද්‍යාලය ඒ යටතේ අභිනවයෙන් ඉදිකෙරුණු පළමු අංග සම්පූර්ණ පාසලයි.

ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් හිතකාමී පරිසරයක ඉදිකර ඇති විශ්වෝදා විද්‍යාලය, අංගසම්පූර්ණ සහ අති නවීන පන්ති කාමර සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්ති කාමර (Smart Class Room) ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර,පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදි කර ඇති මෙම විද්‍යාලය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන1000ක් වන අතර, මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක වන මෙම පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ගංවතුර උවදුරෙන් හානි වූ පාසල් 142කට තාක්ෂණ උපකරණ බෙදාදීමේ උත්සවයක් අද (14)අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 70කට අධික උපකරණ මෙහිදී බෙදා දෙනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාණ මහතා ද එක්ව සිටියා.

සිරිකොත - ගමට වැඩසටහන පසුගිය ඉරිදා (10) දිනය පුරා කළුතර දිස්ත්‍රික්කයේ දී පැවැත්වුණා.

ඒ,එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඒ සඳහා එක්ව සිටියා.

ජනතාව දැනුවත් කරමින් ශාඛා සංවිධාන ප්‍රතිසංවිධානය කරමින් සහ ජනතා ගැටළු විසඳමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.

එම වැඩසටහනේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ආර්ථික ප්‍රතිසංස්කරණ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

එම අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියයි.

ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිළි කළ අඩු පහසුකම් සහිත ස්ථාන වල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම් වලට පළාත් දේශපාලඥයින් සෘජුවම වගකිව යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කලා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හරහා අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල් අංග සම්පූර්ණ පාසල් බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියා කර ඇති බවත් ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ දී පිළිගත් නිර්නායක මත පදනම්ව එම කටයුතු සිදුකල යුතු බවත් සිහිපත් කල අමාත්‍යවරයා ඇතැම් අවස්ථාවල පළාත් දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් නිර්නායක කඩ කරමින් කටයුතු කිරීම මගින් මෙවැනි ගැටලු නිර්මාණය වීම කණගාටුදායක තත්වයක් බවත් සඳහන් කළා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පළාත් අධ්‍යාපන අධයක්ෂකවරුන්ගෙන් වාර්තා කැඳවා ඇති බවත් එවැනි සිදුවීම් සඳහා ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද අවධාරණය කලා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පසුගිය දා මාධ්‍ය හමුවක් තබමින් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය ප්‍රකාශ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා.

පෙළපොත් සඳහා අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ඇතුළත් කිරීම නිසා මුද්‍රණයට වැඩි මුදලක් වැයවූ බවත් නිල ඇඳුම් වවුචරය නිසා වියදම වැඩිවූ බවත් සුරක්ෂා රක්ෂණය පුද්ගලික සමාගමකට ලබාදී ඇති බවත් පවසමින් එම මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇති බවයි පුවත්පත් වාර්තා කර තිබුණේ.

වවුචරය මුද්‍රණය කිරීමේදී ආරක්ෂක ක්‍රමවේද අනුව මුද්‍රණය කළ යුතු බවත් එය සෑම මුද්‍රණාලයකම මුද්‍රණය කළ නොහැකි බවත් එය බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගත හැකි එකක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සුරක්ෂා රක්ෂණය සඳහා පුද්ගලික සමාගමක් තෝරා ගත්තේ තමන් හෝ අමාත්‍යංශය නොවන අතර ජනාධිපතිතුමන් විසින් පත් කර ඇති අභියාචනා මණ්ඩලය මගින් එය එම සමාගමට ලබාදීමට නිර්දේශ කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

පෙළ පොත් මුද්‍රණයේදී තමන්ගේ ඡායාරූපය ඇතුළත් කළ නිසා වියදම වැඩිවූ බවට කරන චෝදනා සඳහා ද පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිටුවේ ඇතුළත් වන ඡායාරූපය හෝ පණිවිඩය මත මුද්‍රණ වියදම තීරණය නොවන බව කියා සිටියා.

තමන් පාසල් යන කාලයේත් මෙවැනි පණිවිඩයක් ඇතුළත්ව තිබූ බවද අමාත්‍යතුමන් සිහිපත් කර සිටියා.

 

 

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ආර්ථික ප්‍රතිසංස්කරණ පොදු සැපයීම් කටයුතු පිළිබඳ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

එම අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

·        අධ්‍යාපන පද්ධතියේ සියලු දෙනා වර්ජනයේ සත්‍ය තත්වය අවබෝධ කරගත යුතුයි

·        බාධාකිරීම් සහ තර්ජනය කිරීම් මධ්‍යයේ සේවයට වාර්තා කළ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතුයි

වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස සහ ගුරුවරුන්ට සිදුකරන බලපෑම නතර කරන ලෙස ඉල්ලමින් වැඩවර්ජනයක් සිදුකිරීමට ඇතැම් වෘත්තීය සමිති ගනු ලැබූ උත්සාහය තුළ ඇති අවස්ථාවාදී අරමුණු රටේ ජනතාව සහ අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු දෙනා හොඳින් අවබෝධ කරගත යුතුය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවක් ඇති බවට 1997 වසරේ ඉදිරිපත් කළ බී.සී. පෙරේරා වැටුප් කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ වසර 22 ක කාලයක් ගතවීත් ක්‍රියාත්මක නොවීම මතුකරමින් මොවුන් මෙම වැඩවර්ජනය සිදුකිරීමට ගුරුවරුන්ගේ සහය ලබාගෙන තිබේ. නමුත් 2015 බලයට පත් රජය රාජ්‍ය සේවක මූලික වැටුප රු. 10,000 කින් ඉහළ නැංවීමට කටයුතු කරන ලද අතර අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන මත සියලු රජයේ සේවකයින්ගේ වැටුප් පරිමාණ සංශෝධනය කෙරුණු අතර, ගුරු සේවයේ වැටුප් ද ඒ අනුව සංශෝධනය කරනු ලැබූ අතර උදාහරණයකට උපාධිධාරී ගුරුවරයකුගේ වැටුප රු. 16,120 සිට රු. 33,330 දක්වා ඉහළ නංවන ලදී.

මීට අමතරව විදුහල්පතිවරුන්ගේ වැටුප ද මීට සමාන්තර ලෙස ඉහළ නංවන ලදී. එමෙන්ම විදුහල්පතිවරුන්ගේ රු.750 ක දීමනාව රු. 6,000 දක්වා ඉහල නැංවීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

කාලාන්තරයක් පුරා නොවිසඳී පැවති ගැටළු එකිනෙක හඳුනාගනිමින් ඒවාට ස්ථිරසාර විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන විට ඇතැම් වෘත්තීය සමිති සිදුකරන්නේ ඒවා තම වෘත්තීය සමිතියේ ජයග්‍රහණයක් ලෙස හුවා දක්වමින් තම තමන්ගේ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීම පමණක් බව බොහෝ අවස්ථාවල නිරීක්ෂණය කළ හැක.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ දී එක් එක් සේවයට අදාළ වැටුප් තලවල පිහිටුවීම සිදුකරන අතර යම් සේවයක වැටුප් වැඩිකිරීමක් සිදුකළ හොත් ඊට සමාන්තරව සෙසු සේවාවන්හි වැටුප් තල ද සංශෝධනය කිරීමට සිදුවන බැවින් එය සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් ව තිබේ. නමුත් රටේ ජාතික මෙහෙවරට විශාල දායකත්වය ලබාදෙන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සේවයේ නිරත ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ගේ වැටුප් පරිමාණයන්හි ඇති විෂමතාවන්ට අදාළ ගැටළු වහාම විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද යෝජනාවලිය  පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී  රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිසන් සභාව  වෙත යොමුකර තිබේ.  ඉදිරියේ දී ඊට අදාල නිර්දේශ ලැබීමෙන් අනතුරුව අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව ගුරු - විදුහල්පති සේවාව තුළ ඇති අනෙකුත් වැටුප් විෂමතාවන්ට ද සාධාරණ විසඳුම් ඒ අනුව මෙරට සියලු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට හිමිවනු ඇති.

එසේ තිබිය දී, ඇතැම් වෘත්තීය සංගම් විසින් ජනතාව නොමග යවමින් ගෙන යන වැඩවර්ජන සහ උද්ඝෝෂණ පිටුපස ඇත්තේ පටු දේශපාලන අරමුණු සහ රජය සහ ජනතාව අතර විරසකභාවයක් ඇතිකිරීමේ නිරර්ථක උත්සාහයන් පමණී.

මෙම වැඩවර්ජනය පසුපස ඇත්තේ පටු අවස්ථාවාදී අරමුණු මුදුන් පමුණුවාගැනීමේ උත්සාහයක් බවට වන චෝදනා කිහිපයක් ද අදාළ වැඩවර්ජනය සඳහා නායකත්වය ලබාදෙන වෘත්තීය සමිති නායකයන්ට එල්ල වේ.

ඒ අතර අධ්‍යාපන සමූපකාර ණය දෙන සමිතිය හෙවත් ගුරු ගෙදර නිලධාරී ලෙස ගුරුවරුන්ගේ ඡන්දයෙන් පත් වී මුල්‍ය අක්‍රමිකතා සිදු කළ බවට චෝදනා එල්ල වූ වෘත්තීය සමිති නායකයකු සහ කණ්ඩායමක් එළඹෙන නිලවරණයේ දී ද ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනාගැනීමේ අරමුණින් අවස්ථාවාදී වැඩවර්ජනයක් සිදුකරන බවට අධ්‍යාපන පද්ධතිය තුළින් ම චෝදනා එල්ල වී තිබේ.

එසේම වැඩවර්ජන සඳහා නායකත්වය ලබාදෙන තවත් වෘත්තීය සමිතියක හිමිනමකට ගුරු මාරු සිදුකිරීමට අදාළව අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත. මේ වන විට ඒ සම්බන්ධ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම කරුණු වසන් කරමින් තම  කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීමට දරන තවත් එක් උත්සාහයක් ලෙස මෙම වර්ජනය මෙහෙයවන බවට පද්ධතියේ සිටින ගුරුවරුන් ම චෝදනා කරයි.

මේ අයුරින් තම තමන්ගේ අවස්ථාවාදී දේශපාලන හා පුද්ගලික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් ජනප්‍රිය සටන් පාඨ පෙරටු කරගනිමින් මෙම කණ්ඩායම් ක්‍රියාකරමින් සිටින බව පැහැදිලිය.

නිදහස් අධ්‍යාපනයේ අයිතිය වටිනාකම පිළිබද උදම් අනන මෙම කණ්ඩායම් අද දින පාසල් නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කළ අවස්ථා රැසක් ද වාර්තා වී ඇත. එමෙන්ම දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදීමේ සිදුවීම් රැසක් ද වාර්තා වේ. මේ තුළ තිබෙන්නේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ අරගලයක් නොව වෘත්තීය අයිතීන්වලට මුවා වී පාසල් තුළ සිය ප්‍රචණ්ඩකාරී අණසක මුදාහැරීමේ උත්සාහක් පමණක් බව පැහැදිලි ය.

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන මෙම අවස්ථාවාදී පිරිස් විසින් අද දින   සිදු කළ වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා මතු වූ අතර එක් දරුවකුගේ දිනක අධ්‍යයන පැය ගණන හයක් ලෙස ගත් විට අධ්‍යාපන ලබන දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000)  දරුවන්ට අහිමි කිරීමට මෙම කණ්ඩායම උත්සාහ දරා තිබීම කණගාටුදායකය.

එබැවින් තම පටු අවස්ථාවාදී උවමනාවන් සඳහා පාසල් දරුවන් හෝ ගුරුවරුන් දඩමීමා කරගනිමින් සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු බුද්ධිමත් ජනතාව නිවැරදිව අවබෝධ කරගත යුතු ය.

මාධ්‍ය ඒකකය

අධ්‍යාපන අමාත්‍යාංශය

සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩ සටහන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ගෙනයන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB ,කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළ වී තිබෙනවා.

නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කර තිබෙනවා.

1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර ගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසු ව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලූ උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය විරාජ් කාරියවසම් මහතා විසින් මීලඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රාජගිරිය ජනාධිපති විදුහලේදී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.

 

Search