නවතම පුවත්

"ළගම පාසල - හොඳම පාසල" වැඩසටහන යටතේ තවත් ව්‍යාපෘතීන් රැසක් ආරම්භ කිරීම සහ අවසන් කර සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් ඊයේ (03)සිදු කෙරුණා.

ඒ යටතේ කුලියාපිටිය සරණංකර මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල පෙබරවාරී 03 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත්කරන කෙරුණා.

කුලියාපිටිය වීරපොකුණ විජිත මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද ද්වීතීයක කණිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ල ද එදින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණා. ඒ "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේයි.

"ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය මානෙලෙම්බුව ශී‍්‍ර සාරානන්ද ආදර්ශ මහ විද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල ද පෙබරවාරි 03 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත් කළා.

පෙබරවාරී 03 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් කුලියාපිටිය මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සිදු කළා. එම ව්‍යාපෘතියද "ළගම පාසල - හොදම පාසල" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙනු ඇති.

(අදාළ ඡායාරූප පිළිවෙලින් පහතින් දැක්වේ)

 


----------------------------------------
 
 


--------------------------------------
 


-----------------------------------
 


 

 

 

 

2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් ඉතාමත් කණගාටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා 2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතික පාසල් සහ ජාත්‍යන්තර පාසල් වෙන් කොට දැක්විය යුතු බවත් ඔහු අමාත්‍යවරයා සිටි කාලයේ දී කිසිවිටෙකත් ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවත් පසුගිය දිනවල පවසා තිබුණි. එසේම ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපන ලබන සිසු දරුවන් ගේ ප්‍රතිඵල ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසු දරුවන්ගේ ප්‍රතිඵල සමඟ එකට ඉදිරිපත් කිරීම මගින් නිදහස් අධ්‍යාපනය වලපල්ලට යන බවත් පවසා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජාතන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවියක් කලා විෂය ධාරාවෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානයක් හිමි කර දීම හරහා විභාග දෙපාර්තමේන්තුව නිදහස් අධ්‍යාපනය විනාශ කර දැමීමට කුමන්ත්‍රණයක් සිදුකර ඇතැයි ගම්‍යවන ආකාරයේ ප්‍රකාශයක් ද සිදු කර තිබුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ එම අදහස් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තම කණගාටුව ප්‍රකාශ කළා.

අධ්‍යාපනය සඳහා ඇති අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ද පවතින මූලික මානව අයිතියක් මෙන්ම රජයේ, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හැදෑරුව ද මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම අයෙකුට තමන් අභිමත විභාගයකට පෙනී සිටීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සඳහා අවශ්‍ය භෞතික හා මානව පහසුකම් මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ද හඳුන්වා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී ප්‍රකාශ කළා.

සෑම දරුවකුටම ඉගෙනගැනීම සඳහා සාධාරණ අවස්ථා ඇති කරලීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩවසම් සමාජ ආකල්ප බැහැර කරමින් දක්ෂතා අනුව සිසුන්ව ඇගයීමටත් තම දක්ෂතා සහ හැකියා අනුව ඔවුන්ට ඉදිරියට යාමටත් අවස්ථා ඇති කළ යුතු බවත් මෙහිදී පැහැදිලි කළා.

රජයේ පාසල්වල සිටින දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ක්‍රියාකරන අතර ම එසේ නොවන දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද ඒ සමානවම පෙනී සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සියලු දෙනා අප රටේ දරුවන් බව ද අවධාරණය කරනු ලැබුවා.

ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන් මීට වසර ගණනාවකට පෙර සිටම රජයේ ප්‍රධාන විභාගවලට පෙනී සිටි බව පැවසූ අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුව ද මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව කටයුතු කරමින් මෙවරද විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගත් බව ද සඳහන් කළා. නමුත් එවැනි කරුණක් අවස්ථාවාදී ලෙස ඉස්මතු කිරීම මගින් දැනට අධ්‍යාපන ලබන සිසු දරුවන් අතර අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කරන බව ද පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමේ වගකීම හඳුනාගත් වර්තමාන රජය ඒ සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කර ඇති බව ද පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම මණ්ඩලය හරහා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් මෙන්ම එම ආයතන සතු භෞතික පහසුකම් සහ ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව ද නියාමනය සිදුකරන බව පැවසුවා. මේ සියල්ල හරහා ජාත්‍යන්තර පාසල්වල ප්‍රමිතියක් ඇති කිරීමට හැකි බව ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළා.

එසේම ජාත්‍යන්තර පාසල් මෙරට පිහිටුවීමේ දී එම ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පිහිටුවීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන බව ද සඳහන් කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම්වරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.

2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භය අද (22) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

 

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණි‍න් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය පහත සඳහන් වැඩසටහන් හරහා ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

ඒ අනුව, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යටතේ, විෂයමාලා නවීකරණය හා විවිධාංගීකරණයටත්, ගුරු සංවර්ධනයටත්, පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය තක්සේරුකරණයටත්, පාසල් නඟාසිටුවීමේ වැඩසටහන බලගැන්වීමටත්, අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය දියත් කිරීමටත්, අධ්‍යාපනය තුළින් සමාජ සාධාරණත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමටත් අදාළ ව සැලසුම් කළ වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා.

2020 තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන 2025 දැක්මට අනුකූල ව එම අරමුණු ළඟා කරගැනීමට ද මෙම ව්‍යාපෘතිය හරහා දායකත්වය ලැබෙන අතර, මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය, හා ඊට අදාළ ජාතික මට්ටමේ අනෙකුත් ආයතන, හා පළාත් අධ්‍යාපන ‍ආයතනවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

<

 

"ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ ගිරිඋල්ල කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ‍ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරනු ලැබුවා.

ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 17 ක්.

කිලිම්පොල ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ‍ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලුම ක්ෂේත්‍රවල රාජකාරි කටයුතු කරන සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ පාට බේදයකින් තොරව අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක අරමුණකින් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ නව වසර සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිශ්චිත ප්‍රතිඵල ලබාගත හැකි ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා ඒවා නියමිත කාල රාමුවක් අනුව ක්‍රියාවට නැංවිය යුතු බව ද අවධාරණය කළේය.

ඉදිරි  කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනා සැලසුම් සහිතව එක අරමුණකින් කටයුතු කළ හොත් අපේක්ෂා කළ ඉලක්ක ළගාකර හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තමන් අමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කරන්නේ තම පුද්ගලික ප්‍රතිපත්ති නොව රජයේ ප්‍රතිපත්ති බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා සියලුම රජයේ සේවකයින් ද රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බව ද පැවසුවා. 

අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් තමන් නායකත්වය ලබා දෙන අතර එහිදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවල වරදක් ඇත්නම් ඕනෑම නිලධාරියෙකුට තමන් සමඟ සාකච්ඡා කළ හැකි බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය

මහජන වරමකින් බලයට පත්වන ආණ්ඩුවේ අරමුණු සමග රජයේ සේවකයන් වැඩ කළ යුතු අතර එසේ නොකිරීම ආණ්ඩු විරෝධී කටයුත්තක් ලෙස නොව රාජ්‍ය විරෝධී කටයුත්තක් ලෙස තමන් දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.


ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

134 වන කන්නන්ගර ජන්ම දිනය සමරමින් හේවාහැට මධ්‍ය විද්‍යාලයේදී පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


එම උත්සවයේ ඡායාරූප සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.




එක්සත් ජාතික පක්ෂ ගල්ගමුව ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ වාරියපොළ ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (13) පැවැත්වුණා. එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.

එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (13) පැවැත්වුණා. එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (21) සිය අධ්‍යාපන අමාත්‍යධුරයෙහි වැඩභාරගත් අතර, එම නිල උත්සවය පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

රටේ අධ්‍යාපන පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් ආරම්භ කර ක්‍රියාවට නැංවෙමින් පැවතිය දී මතු වූ කුමන්ත්‍රණකාරී දේශපාලන වෙනස්කම් හේතුවෙන් පසුගිය දින පනහකට අධික කාලය පුරා එම කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට නොහැකිවීම ගැන කනගාටුවට පත්වන බවත්, රටේ දරුවන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන ලද, 13 වසරක අධ්‍යාපන වැඩසටහන, සුරක්ෂා රක්ෂණ වැඩසටහන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ඇතුළු සාධනීය සංවර්ධන වැඩසටහන් නැවතත් බලාත්මක කරන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී ප්‍රකාශ කළා.

පටු දේශපාලන වාසි මත තමා කිසිවිටෙකත් කටයුතු නොකළ බවත්, එහෙත් පසුගිය සමයේ රට තුළ පැවති දේශපාලන අස්ථාවරභාවය හමුවේ, එතෙක් වසරක් පාසා නිසි පරිදි පාසල් දරුවන්ට ලබාදුන් පෙළ පොත්, නිල ඇඳුම් වවුචරපත් ලබාදීම වැනි ක්‍රියාමාර්ග පවා ක්‍රමවත් ව සිදුකිරීමට නොහැකි තත්වයට පත් ව තිබූ බවත්, ඒ පිළිබඳ අතිශයින් කනගාටුවට පත්වන බවත්, ඉදිරියේ දී යලිත් එවැනි තත්වයන් ඇතිවන්නට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ අධ්‍යාපන නිලධාරීන් රැසක් සහ දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියා.

 

 
 
විෂය මාලා සංශෝධනය කරමින්, විෂය අන්තර්ගතයන්හි හඳුනාගත් වෙනස්කම් සිදුකරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරනවා.
 
විෂය මාලා සංවර්ධන කටයුතු වෙනුවෙන් වගකීම් දරන ජාතික අධ්‍යාපන ආයතනය වෙත මේ සම්බන්ධව අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් මේ වනවිටත් ලබා දී ඇති බවත්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්, අධ්‍යාපනඥයින් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් ලබාගත් අදහස්, යෝජනා, නිර්දේශ සහ උපදෙස් අනුව පාසල් විෂය මාලා සංශෝධන හා එක් එක් විෂය අන්තර්ගතයන්හි සිදුකළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.
 
බම්බලපිටියේ හින්දු විද්‍යාලයේ පැවති  වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හා නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
රටේ සියලු පාසල් පහසුකම් සපිරි පාසල්බවට පත්කරමින්, වඩාත් ගුණාත්මක ඉගෙනුම් අවස්ථා සියලු දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 250ක ප්‍රතිපාදනයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිතයි.
 
 

එක්සත් ජාතික පක්ෂ යාපහුව ආසන බලමණ්ඩල රැස්වීම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය සති අන්තයේ දී පැවැත්වුණා.

පක්ෂ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මහ ලේකම්තුමන් පෙන්වා දුන්නේ පසුගිය කාලය තුළ රාජපක්ෂවරුන්ගේ අසාර්ථක බව පෙන්නුම් කළ බවයි.

 

මීළඟට පැවැත්වෙන ඕනෑම ජාතික මැතිවරණයක් පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම පොදුජන පෙරමුණේ නායකයන් රැසක් එක්සත් ජාතික පෙරමුණ සමග එක්වීමට සුදානමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

 

ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ට එරෙහිව සමාජ මාධ්‍ය එක්රැස් වීමේ කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මුදල් වැය කරමින් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන රාජපක්ෂ කඳවුරේ ක්‍රියාකාරිත්වය මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

 

2018 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උත්සවය පසුගිය සති අන්තයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන්.

මෙරට හතළිස් පන් ලක්ෂයක් වූ පාසල් සිසු දරු දැරියන්ගේ ශාරිරික සුවතාව හා ක්‍රීඩා කෞශල්‍යය නගාසිටුවීම හා ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන්ගේ නිසග හැකියාවන් ඔප මට්ටම් කරන, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ 34 වන වරටත් ඔක්තෝබර් 01 දා සිට 05 වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

මෙරට පාසල් දූ දරුවන් 39,000 කට අධික පිරිසක් මෙවර තරගාවලිය සඳහා එක්ව සිටියා.

(2018 සමස්ත ලංකා මළල ක්‍රීඩා ශූරතාවය - බස්නාහිර පළාත
2018 සමස්ත ලංකා මළල ක්‍රීඩා දක්ෂතම ක්‍රීඩකයා - කුරුණෑගල මලියදේව විදුහලේ පී .එල්.කොඩිකාර
දක්ෂතම ක්‍රීඩිකාව - රාජිගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආර් .ආර් කුරේ
2018 සමස්ථ ලංකා මළල ක්‍රීඩා ශූරතාවලියේ විශිෂ්ඨතම පාසල- කොළඹ විශාකා විද්‍යාලය

 

Search