නවතම පුවත්

දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් කැපවීමෙන් හා දිරියෙන් සිදු කළ සේවයට නිසි උපහාර දක්වන්නට අධ්‍යාපන අමාත්‍යංශය විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන “ ගුරු ප්‍රතිභා ප්‍රභා ” ගුරු හා විදුහල්පති ඇගයීම් උළෙල අද ( 05) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණා.

‘ජාතියක අනාගත ආයෝජනය ගුරුවරුන්ය’ යන්න මෙවර ගුරු ප්‍රතිභා ප්‍රභා ඇගයීම් උළෙලෙහි තේමාවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් මෙම ගුරු ප්‍රතිභා ප්‍රභා ඇගයීම් උළෙල පැවැත්වුණා.

මෙවර ප්‍රණාම ලබන ගුරුභවතුන් සංඛ්‍යාව 380ක් වන අතර, අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපදෙස් අනුව මෙම ඇගයීම සඳහා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තෝරාගෙන තිබෙනවා.

1 AB, 1C, 2 වර්ගය හා 3 වර්ගය ලෙස පවත්නා පාසල් වර්ගීකරණය, එමෙන්ම ශිෂ්‍ය සාධනය සංවර්ධනය කිරීමෙහි ලා දක්වා ඇති අතිරේක දායකත්වය, විෂය සමගාමී කටයුතු, ශිෂ්‍ය සුබසාධනය, සිසු ජයග්‍රහණ උදෙසා ලබා දී ඇති සහය, ව්‍යාපෘති, පර්යේෂණ, නව නිර්මාණ, භෞතික සම්පත් සංවර්ධනය, ඉගෙනුම් ඉගැන්වීම් සංවර්ධනය හා අධ්‍යාපන පද්ධතිය තුළ සම්පත් දායකත්වය, යන කරුණු පදනම් කරගනිමින් සකස් කරගනු ලැබු නිර්ණායක කෙරෙහි මෙම ඇගයීම් ක්‍රියාවලියේ දී අවධානය යොමු කර තිබෙනවා.

සෙසු සියලු වෘත්තිකයන් අතර සුවිශේෂී වැදගත්කමකින් යුත් වෘත්තිකයන් ලෙස ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්හට ඇති සමාජීය පිළිගැනීම වඩාත් ගෞරවනීය මට්ටමකට ගෙන යාමත්, වඩා ඵලදායී හා කාර්යක්ෂම සේවයක් සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පෙළඹවීම හා දිරිමත් කිරීමත් මෙම ජාතික ප්‍රණාම උලෙළෙහි අරමුණු අතර වනවා.

ඒ ඔස්සේ නව අධ්‍යාපන ව්‍යවහාර සාර්ථක අයුරින් ක්‍රියාවට නංවමින් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමත් සමඟම සිසු - ගුරු - මාපිය සබඳතා තහවුරු කරගැනීම අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන නව නිපැයුම් ප්‍රදර්ශනය “ස්පාක් 18” අද ( 25 ) විදුහල් පරිශ්‍රයේදී ආරම්භ වුණා.

මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ජනපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය අනුමැතිය යටතේ සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

“ස්පාක්’18” උදෑසන 9 සිට සවස 3.30 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ විවෘතව තිබෙනවා.

අනාගත පරම්පරාවේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා නව නිෂ්පාදන 600 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර නවතම පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සමඟින් ත්‍රිවිධ හමුදාව ද “ස්පාක්’18” සමඟින් එක්ව සිටිනවා.

 

අධ්‍යාපන අමාත්‍යංශය හා නෙස්ලේ ලංකා සමාගම එක්ව පැවැත්වූ මැරතන් ධාවන තරග කුලියාපිටිය නගරය කේන්ද්‍රකරගනිමින් ඉකුත්දා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

තරගය කිලෝ මීටර 05 සහ 15 වශයෙන් අංශ දෙකකින් පැවැත්වූ අතර සමස්ත ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියන් දෙදහස් හාරසියය ඉක්මවූ පිරිසක් සහභාගීව සිටියා.

එහිදී කිලෝමීටර 5ක් වූ පිරිමි තරගයේ ප්‍රථමස්ථානය සමගින් රන් පදක්කම දිනාගත්තේ අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ ආර්.එම්.කවීශ ඉදුවර විසිනි. එම තර`ගයේ රිදී පදක්කම සමගින් දෙවන ස්ථානය වෑකඩ මහා විද්‍යාලයේ එම් ලක්මාල් සන්දීප දිනාගත් අතර තෙවන ස්ථානය හා ලෝකඩ පදක්කම එම විදුහලේම තිළිණ මදුශාන් විසින් දිනාගෙන තිබිණ.

එම තරගයේම කාන්තා අංශයේ ප්‍රථමස්ථානය ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ පී එම් ලක්මාලි දුලංජලී විසින් දිනාගත් අතර දෙවන ස්ථානය පයාගල බණ්ඩාරනායක මහා විද්‍යාලයේ එච් එ ගීත්මි සංජනා විසින් ද තෙවන ස්ථානය ගවරවිල දෙමල මහා විද්‍යාලයේ වී රිශාන්තිනී විසින්ද දිනාගෙන තිබිණ.

කිලෝමීටර 15ක් දුර දිවීමේ තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය අඹගස්දෝව ජනාධිපති විද්‍යාලයේ ජේ එම් එරංග මදුශාන් නයනජිත් විසින් දිනාගෙන තිබූ අතර එම විද්‍යාලයේම එච් එම් චමින්ද නුවන් කුමාර දෙවන ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

එහි තෙවන ස්ථානය හිමිකරගෙන තිබුණේ පයාගල බණ්ඩාරනායක මහා විදුහලේ ජී වී කණිෂ්ක එරංග සිල්වා විසිනි.

එම තරගයේ කාන්තා අංශයේ ජය හිමිවූයේ 17න් පහල ආසියාවේ දෙවන වේගවත්ම ක්‍රීඩිකාව වූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ කේ එම් පාරමී වසන්ති මාරිස්ටෙලා වූ අතර එහි දෙවන ස්ථානයද එම විද්‍යාලයේ එච් එම් බී ඒ හේරත් විසින් දිනාගැනීම විශේෂත්වයකි.

තරගයේ තෙවනස්ථානය වැලිමඩ මහා විද්‍යාලයේ පී ජී එම් දිල්රුක‍ෂි සමරකෝන් විසින් දිනාගෙන තිබුණා.

මෙරට අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් රැසක් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය සති අන්තයේදී ත් සහභාගී වුණා.

ඒ අනුව නිපුනතා සහිත ගුරු පරපුරක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ගිරිඋල්ල ගුරු සංවර්ධන වෘත්තීය මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විවෘත කරනු ලැබුවේ ඊයේ (29) දිනයේදීයි.

මේ අතර ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල තැබීමද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ ගිරිඋල්ල ගල්ගම්මුල්ල මයුරාවතී මහ විද්‍යාලයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සිදුවූයේ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවල ඡායාරූප මේ සමග දැක්වෙනවා.

'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ ගිරිඋල්ල ගල්ගම්මුල්ල මයුරාවතී මහ විද්‍යාලයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල තැබීම

 

 

 

 

 

 

 

 

 

 


ගිරිඋල්ල ගුරු සංවර්ධන වෘත්තීය මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විවෘත කරනු ලැබුවේ ඊයේ (29) දිනයේදීයි.

 

 

 

 

 

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ගෙවුණු සති අන්තයේදී මහජන සුබ සාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා.

එම වැඩසටහන්වල ඡායාරූප පහතින් දැක්වෙනවා.



ඉහළ දියදොර හොරව්වකඩ පාලම විවෘත කළ අවස්ථාව




දියදොර ශ්‍රී ධම්මරතන කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලට මුල්ගල තැබීම






රිදීගම පානගමුව අන් නූර් මධ්‍ය මහ විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත්කළ අවස්ථාව






අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ගෝනිගොඩ මහ විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කළ අවස්ථාව







බරපතල වංචා දූෂණ නඩු විභාග කරන විශේෂ අධිකරණ මගින් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බැවින් පසුගිය සමයේ ජනතා මුදල් සොරකම් කරමින් කටයුතු කළ පිරිස් කළබළ වී ජනතාව වීදි බස්සා ඔවුන්ට එරෙහිව ඇති වංචා, දූෂණ අපරාධ නඩුවලින් බේරීමට උද්ඝෝෂණ සංවිධානය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

පසුගිය රජය සමයේ ජනමාධ්‍යවේදීන් මරා දමමින් සහ ඔවුන්ව පීඩාවට පත්කරමින් කටයුතු කළ අය මාධ්‍ය නිදහස ගැන කතාකිරීම විහිළුවක් බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා යහපාලන රජය විසින් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පියවර ගත් බව ද පෙන්වා දුන්නා.

වත්මන් රජය බොරු සංදර්ශන වලින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන් ගණනාවක් ද මේවන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා රජයේ සහ පෞද්ගලික මාධ්‍යයන්වල එම තොරතුරු ප්‍රචාරය නොවුණද එම සංවර්ධන වැඩකටයුතු අඛණ්ඩව සිදුකරන බව ද අවධාරණය කළා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

 

කුරුණෑගල නගරය ආශ්‍රිතව පවතින අධික සිසු ගහණයට විසඳුමක් ලෙස නගරය ආශ්‍රිතව අති නවීන පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල් දෙකක් ඉදිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම අනුව සැලසුම් කළ බවත් ඒ අතරින් පළමුවැන්න එළඹෙන වසර ආරම්භයේ දී සිසු අයිතියට පත්කිරීමට හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

 

ඊයේ (26) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ සහ විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

නගරය ආශ්‍රිතව පිහිටා තිබුණ ද සිසු දරුවන්ට ඉගෙනගැනීමට ප්‍රමාණවත් පරිදි පන්ති කාමර පහසුකම් නොමැතිව තිබූ මලියදේව බාලිකා විදුහල මෙන් ම දිවයින පුරා සියලුම පාසල්වල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මේ වන විටත් පාසල් 9,000 කට අධික ප්‍රමාණයක සංවර්ධන කටයුතු සිදු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දී ඇති සුරක්ෂා රක්ෂණාවරණය යටතේ සෑම සිසු දරුවකුටම රුපියල් ලක්ෂ දෙකක නොමිලේ රක්ෂණාවරණයක් ලබා දී ඇති බව ද සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට අමතරව විධිමත් ක්‍රමවේද අනුව නවක විදුහල්පතිවරුන් බඳවාගැනීමටත් අධ්‍යාපන පරිපාලන සේවයේ පැවති පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත් ගුරු අධ්‍යාපනඥයින් බඳවාගැනීමටත් විෂයමාලාව මෙන් ම විභාග ක්‍රමය නවීකරණය කිරීමටත් පියවර ගත් බව ද පැවසුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ මෙම උත්සව අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියා.

 

දිවංගත ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 112 වන ජන්ම දින සැමරුමක් ඊයේ (17) පෙරවරුවේ පැවැත්වූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ 2010 දී රාජ්‍ය නායකත්වය සහිත එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට ගෙන එන බවයි.

ජනතාව 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂ රජය ලබා දුන් සහන සහ රැකී රක්ෂා අවස්ථා පිළිබඳ අදටත් සිහිපත් කරන බව පෙන්වා දුන් මහලේකම්වරයා, ඉදිරියේ දී තවදුරටත් එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රමුඛ සියලු දෙනාට සහන ලබාදීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව සහ වේගවත්ව ක්‍රියාවට නංවන බව ද සඳහන් කළා.

ඒ සඳහා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ලබා දුන් ආදර්ශය ද ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාවය ද සිහිපත් කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 1994 න් පසු ගිලිහී ගිය රාජ්‍ය නායකත්ව 2020 දී යළි ලබා ගැනීමේ මෙහෙයුම දැනටමත් ආරම්භ කර ඇති බව ද අවධාරණය කළා.

 

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මෙරට පාසල් දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියානු ජනරජයේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඉදිරියේ දී ද මෙම වැඩසටහන් පැවැත්වීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන අමාත්‍ය, ජෑන්ග් හුවයි ගුක් මහතා අතර දකුණු කොරියාවේ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේදී සිදු කරනු ලැබුවා.

මෙම වැඩසටහන යටතේ යටතේ පසුගිය වසර කිහිපයක සිට මෙරට තෝරාගත් පාසල් වෙත පරිගණක පහසුකම් ලබා දීමට ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා.

මීට අමතරව දකුණු කොරියානු ජනරජයේ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අනුග්‍රහය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් ඇතුළු ගුරු භවතුන් සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් ද දකුණු කොරියාවේ දී වාර්ෂිකව පවත්වනු ලබනවා.

 

 

34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඔක්තෝම්බර් මස පළමු දින සිට 05 වන දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

 

සමාරම්භක උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙසින් 1984 වසරේ එවකට අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කරනු ලැබූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර උළෙලේ අවසන් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි..

 

මේ සම්බන්ධයෙන් කරුණු දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්වුණා.

 

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා සඳහන් කළේ මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් සහභාගී වන බවයි. මලල ක්‍රීඩා තරග සඳහා පමණක් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6,000 කට අධිකයි.

 

ඇදවැටී තිබූ පාසල් ක්‍රීඩා යළිත් නගාසිටුවීම සඳහා වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත 2015 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ අතර, මේ වනවිට ආසියාවේ හොඳම කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකාවේ බව සුනිල් ජයවීර මහතා මෙහිදී පෙන්වා දුන්නා.

 

ක්‍රිකට් ක්‍රීඩාව යළිත් දියුණු කිරීම සඳහා ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩපිළිවෙලක් සකස් කළ බව පෙන්වා දුන් ඒ මහතා ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඒ සඳහා සිය සහාය දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය සමග මේවන විට කටයුතු කරන බව පෙන්වා දුන්නා.

 

 

දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන ක්‍රමය මගින් ද පාසල් මට්ටමින් ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියට ගොස් අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

 

වත්මන් අධ්‍යාපන අමාත්‍යතුමන් පාසල් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද පැහැදිලි කළ ඒ මහතා ඒවායේ සාර්ථක ප්‍රතිඵල තවත් වසර කිහිපයක් ඇතුළත දැකගත හැකිවනු ඇති බව ද සඳහන් කළා.

 

මෙම මාධ්‍ය හමුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ඒ සඳහා ඇතැමුන්ගේ අනවශ්‍ය ඇඟිලිගැසීම් බලපා ඇති බවත් පෙන්වා දුන්නා.

 

ක්‍රිකට් පාලක මණ්ඩලය යොදා ගනිමින් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සහ ව්‍යාපාර කිරීමට මෙන්ම තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවටයි, එහිදී අමාත්‍යවරයා චෝදනා කළේ.

 

ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට පත්වීම බලා සිටිනු නොහැකිව පාසල් මට්ටමින් හෝ ක්‍රිකට් නගා සිටුවීම සඳහා තමන් ප්‍රවීණ ක්‍රීඩකයන්ට ඒ සඳහා ආරාධනා කළ අතර සියල්ලන්ම ඒ සඳහා පැමිණ සහාය දැක්වූ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ස්තුති පූර්වකව සඳහන් කළා.

 

පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ට විදෙස් රටක සිට උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව ලබා දුන්නේ ද ක්‍රීඩාවට දක්ෂයන් සඳහා දිරිය ලබා දීමේ අරමුණ ඇතිව බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් විට එම තීරණය විවේචනය කිරීමට ඇතැමුන් පෙළඹිය හැකි වුවද ක්‍රීඩාව වෙනුවෙන් නොබියව තමා එම තීරණය ගත් බවයි සඳහන් කළේ.

 

ශ්‍රියානි කුලවංශ මහත්මියට උපාධියක් හැදෑරීම සඳහා පසුගිය කාලයේදී අවස්ථාව ලබා නොදී තිබූ බවත් රටට කීර්තියක් ලබා දුන් ඇයට එම උපාධිය හැදෑරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තමන් පියවර ගත් බවත් සදහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩාව සඳහා කැපවීම ඇති අයට අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට ඉඩකඩ ලබා දිය යුතු බව ද පෙන්වා දුන්නා..

 

ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබුවන් 3850 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පද්ධතියට එක්කර ගැනීම සදහා මේ වනවිට තෝරා ගෙන ඇතත්, එම පිරිස් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළාත් සභා මගින් විරෝධතා එල්ල වීම නිසා අදාළ බඳවා ගැනීම් ප්‍රමාද වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අදාළ පිරිස් කඩිනමින් බඳවා ගන්නා බව කියා සිටියා.

 

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ,අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ මංජුල කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා (08) පැවැත්වුණා.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා.

මේ අතර මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ඊයේ (09) මහනුවර දී රැස්වූණා.

පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

 

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය

 

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව

 

ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති වැඩසටහනේ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.

 

Search