නවතම පුවත්

ගම්බද ජනතාවත්, ව්‍යවසායක ප්‍රජාවත් නඟාසිටුවන ‘ගම්පෙරළිය’ වැඩසටහන සහ ‘එන්ටර්ප්‍රයිස්’ ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ, නිකවැරටිය නගරයෙන් ඊයේ  (15) දින ආරම්භ වුණා.
 
 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම හඳුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු අංශ 12ක නවෝදයක් ගම්පෙරළිය ජාතික වැඩසටහනින් ඉලක්ක කොට ඇති අතර ඒ අනුව පළමු වැව ප්‍රතිසංස්කරණය මුඩත්තාව වැවෙන් ආරම්භ වුණා.
 
නව ව්‍යවසායක ප්‍රජාවක් බල ගැන්වීම ඉලක්ක කොට රජය මෙවර අය-වැයෙන් හඳුන්වා දුන් මෙම වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැගින් මහා භාණ්ඩාගාරය මගින් වෙන්කර තිබෙනවා.
මේසා විශාල යටිතල මුදල රජය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ලබාදෙනුයේ මං මාවත්, ඇළ දොළ, වැව් අමුණු ඇතුළු අනිකුත් යටිතල පහසුකම් නංවාලීම සඳහායි.
 
 
 
 
 
 
 

 ලොව පුරා මහත් අපකීර්තියට පත් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපන්බිම වූ ඔස්ට්‍රියාව මෙන්ම හිට්ලර් විසු ජර්මනියේ පවා හිට්ලර් මෙන්ම හිට්ලර් විසින් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන සමයක, ඇතැම් පිරිස් මෙරට හිට්ලර් පන්නයේ පාලනයක් අපේක්ෂා කරමින් අදහස් ප්‍රකාශ කිරීම තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (28) පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවා.

ජර්මනිය වර්තමානයේ දී ලොව පුරා රටවල ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම් ඇති කිරීම වෙනුවෙන් විශාල වශයෙන් ආධාර අනුබල ලබා දෙමින් සිටින්නේ හිට්ලර්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක ඇති මනුෂ්‍යත්වයට නිගා දෙන කෘර අත්දැකීම් පිළිබඳව අවබෝධ කරගෙන ඇති බැවින් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

 

එසේම නිදහස් මිනිසුන් ජීවත්වන, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් සහිත අපගේ රටට එවැනි ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක් ඇතිකිරීමට සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ විශ්වාසය තබන මෙරට ජනතාව කිසිසේත් ඉඩ නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපතිවරණයට ඉල්ලා සිටින්නේ නම් පමණක් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා බව ප්‍රකාශ කර ඇති බවයි. ඉන් පෙනී යන්නේ එසේ නොමැතිනම් ඔහු ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට කැමැත්තක් නොදක්වන බව යැයි පැවසූ මහලේකම්වරයා, ජනතාව මුලා නොකොට ජනාධිපතිවරණයට පෙනී සිටිය ද නැත ද හැකිනම් ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බව ද පැවසුවා.

පුද්ගලයකු තමන් උපන් රට අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ තමා උපන් දේශය පිළිබඳ ආදරයක් හෝ රට පිළිබඳ අවංක හැඟීමක් නොමැති නිසා බව පැවසූ මහ ලේකම්වරයා දේශියත්වය අපේකම ගැන ව්‍යාජ ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිය ද ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික අනන්‍යතාව ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගෙන ඇති බවත් එය අතහැරීමට ඔහු කිසිවිටෙක සූදානම් නොමැති බවත් පෙන්වා දුන්නා. එසේම ඔහු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව පවසන්නේ ද තමන්ගේ බලලෝභී අවශ්‍යතාවක් ඉටුකරගැනීමට විනා ශ්‍රී ලංකාවට සැබෑ ලෙස ආදරය නිසා නොවන බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නා.

හිට්ලර් සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති සමානකම් පිළිබඳ අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ හිට්ලර් ද ජර්මනියේ පුරවැසියකු නොවූ බැවින් ජර්මන් පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් නොයෙක් දේ සිදු කළ බවයි.

හිට්ලර් පාලන බලය ලබාගෙන පළමුවෙන්ම සිදු කළේ ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තබා ජර්මනිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති කර දැමීම බව පැවසු මහලේකම්වරයා පසුගිය දිනවල අවස්ථා රාශියක දී ම ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට එරෙහිව සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියා සිහිගන්වන්නේ හිට්ලර් විසින් එවකට ජර්මනියේ සිදු කළ පරිදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගිනිතැබීම හා සමාන ක්‍රියාවන් බව ද සිහිපත් කළා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ලැබ මෙරට විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි පුද්ගලයකු බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

රටක ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ආයෝජනය, අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජනය තරම්ම වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීරෝගීමත් සිසු පරපුරක් බිහිකිරීම උදෙසා පාසල් පද්ධතිය තුළ ක්‍රීඩාව දියුණු කිරීම අතිශයින් වැදගත් වන බවයි.

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවති, 2018 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

පාසල් අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුම පාසල තුළ කුමන හෝ ක්‍රීඩාවක නිරත විය යුතු බව අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් දරුවන් ක්‍රීඩාව වෙත නැඹුරු කරවීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ක්‍රීඩාව ජනප්‍රිය කරවීම තුළින් ශක්තිමත් මෙන්ම නිරෝගීමත් අනාගත පරපුරක් නිර්මාණය කර රට තිරසර සංවර්ධනය කරා ලඟ කරවිමේ ඉලක්ක සපුරාගැනීමට ද හැකි වන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාව මගින් සංවිධාන කරනු ලබන, 2018 සමස්ථ ලංකා සහය දිවීමේ සැණකෙළිය මේ මස 24,25 සහ 26 යන දිනයන් හී දී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතයි.

 

 

 

මෙරට පාසල් පද්ධතිය තුළ සිටින, අනාගත අභියෝග ජයගැනීමෙහි විභව හැකියාවන් සහිත, ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍ර තුළින් සුවිශේෂ කුසලතා පෙන්වන ලද නිර්මාණශීලී දරුවන් දිරිගැන්වීම සහ ඉදිරියේ දී එම හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරගැනීම අරමුණු කරගනිමින් අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහනෙහි පළමුවැනි ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකලපයක් යටතේ 2017 වසරේ සිට හඳුන්වා දෙන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබාගත් පළමු සිසු කණ්ඩායමට සිසුන් 1000ක් ඇතුළත් වුණා.

ද්විතීයික අධ්‍යාපන අවධියේ සුවිශේෂ දක්ෂතා දක්වමින් උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කළ සිසුන් අතරින් එමෙන් ම නව නිපැයුම්, ක්‍රීඩා හා සෞන්දර්ය ක්ෂේත්‍ර යටතේ සුවිශේෂී හැකියාවන් දක්වා ඇති සිසුන් මෙම ශිෂ්‍යත්ව ලබාදීම සඳහා තෝරාගෙන තිබෙනවා.

සිසුන් විසින් විවිධ ක්ෂේත්‍රයන්හි සමස්ත ලංකා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රදර්ශනය කර ඇති විෂය සමගාමී ක්‍රියාකාරකම්, තොරතුරු තාක්ෂණය, භාෂා, සාහිත්‍ය, විද්‍යාව, ඇතුළු අනෙකුත් විෂයන් ආශ්‍රිත ක්‍රියාකාරකම්, නිර්මාණශීලී ක්‍රියාකාරකම් මෙන් ම නව නිපැයුම්, විද්‍යාත්මක පර්යේෂණ හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි ලබා ඇති ජයග්‍රහණ මෙම ශිෂ්‍යත්ව සඳහා තෝරාගැනීමේ දී පදනම් කරගත් මූලික නිර්ණායකයි. මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබන සියලු දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් මාස 20ක කාලයක් තුළ රුපියල් 50000ක වටිනාකමින් යුත් මූල්‍යාධාරයක් හිමිවනවා.

වසරක් පාසා ක්‍රියාවට නැංවෙන මෙම සුභග ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුළත් වී ශිෂ්‍යත්ව දිනාගැනීමට නිර්මාණශීලී සුවිශේෂ හැකියාවන් සහිත දැයේ සියලු දූ පුතුන්ට ඉදිරියේ දීත් ඉඩප්‍රස්ථා විවෘත ව පවතිනවා.

 

අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, iii වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 116 දෙනෙකු ii වන ශ්‍රේණිය සඳහා උසස් කිරීම නිමිත්තෙන් අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දශක ගණනක් තිස්සේ විවිධ පුද්ගලයින් විසින් රටේ අධ්‍යාපනය පිළිබඳව වගකීම දරමින් එම ක්ෂේත්‍රය පිළිබඳ විවිධ වාග් ප්‍රකාශ සිදුකළ ද, සිය පටු දේශපාලන ප්‍රතිපත්තීන් නිසා එම පද්ධතියට අදාළ ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමට පෙළඹී නොමැති බවයි.

වත්මන් රජයටද අධ්‍යාපන පද්ධතියට අදාළ සියලු ගැටලු එකවර විසඳීම අපහසු වූවද ගත වූ වසර කිහිපය තුළ දී පවා, පද්ධතිය දියුණු කිරීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග රැසක් එඩිතරව ගැනීමට තමන් කටයතු කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

දිවයිනේ පාසල් සඳහා මෙලෙස භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ලබා දුන් පළමු රජය මෙය වන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී කියා සිටියා.

පසුගිය කාලවකවානූ තුළ දී පාසල් සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන්හට ආදී ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ බාහිර පාර්ශවවල පිහිට පැතීමට සිදු වුව ද වර්තමානයේ දී එම තත්ත්වය වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම, කිනම් පාර්ශවයක් විසින් කිනම් චෝදනාවක් එල්ල කළ ද, වත්මන් රජය විසින් වැඩි වශයෙන්ම මුදල් වෙන් කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බවත්, පසුගිය රජයන් සමයේ දී මුලු රටටම වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම වත්මන් රජය යටතේ එක් පළාතකට පමණක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන සහ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ඉතිහාස විෂය, පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන බවට පැතිර යන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යය බවත්, එවන් කිසිදු තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, විවිධ පාර්ශව විසින් විවිධ පටු දේශපාලන අරමුණු මත පදනම්ව, මහා සංඝරත්නය පවා නොමග යවමින් සිදුකරන අසත්‍යය ප්‍රකාශ පිළිබඳව තමන් විෂයභාර අමාත්‍යවරයා ලෙස දැඩි ‍සේ කණගාටු වන අතර එම ප්‍රකාශ පිලිකුලෙන් යුතුව හෙළා දකින බවයි. 2018 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ගුරුභවතුන් ඇගයීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිනම් හෝ පාර්ශවයක් විසින් මෙම කරුණ සම්බන්ධයෙන් කිසියම් දේශපාලන කණ්ඩායමකට වාසිදායක මතයක් මාධ්‍යය තුළ ගොඩනැගීමට උත්සහ කරමින් සිටින බවයි. මෙවන් කරණු හරහා දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමට උත්සහ කරන බංකොලොත් දේශපාලඥයින්, සිය පටු දේශපාලන වාසි සඳහා දරුවන්ගේ අධ්‍යාපනය භාවිතා කිරීමට උත්සහ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මෙවන් දුර්වල ක්‍රියාමාර්ග හරහා වත්මන් රජයේත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙත් ඉදිරි ගමන කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියා.

අනාගත ලෝකයට ගැලපෙන පරිදි විෂය මාලා නවීකරණය කිරීමේ කර්තව්‍යය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කොට ඇති බවත්, එහි දී ඉතිහාසය, සාහිත්‍යය, භාෂාව, දේශීයත්වය සහ අපේ කම සුරැකීමේ අනිවාර්යය වගිකීම පෙරදැරි කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය එම කාර්යය ඉටු කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා. තවද, ඇතැම් විට ඉතිහාසය විෂයට වෙන් කෙරෙණ කාලපරිච්ඡේද ගණන ඉදිරියේ දී වැඩි කිරීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් සේනානි හේවගේ යන මහත්වරුන් සහ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

 

චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරනු ලැබුවා.

උතුරු නැගෙනහිර පුදේශයන්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවකයන් මහත්ම මහත්මීන් සමඟ පැවැති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් තමන් සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

නීති අධිපත්‍ය අධිකරණ පද්ධතියට පවා මැදිහත් වී අත පෙවීම් සිදු කරමින් අපරාධ යට ගසා ගැනීමේ උත්සාහයන් කිසිවෙකුට හෝ ඉඩ නොතබන බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා විශේෂ අධිකරණ පද්ධතියක් වහා ස්ථාපිත කොට තරාතිරම නොබලා කඩිනමින් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කර ඇති බව ද සඳහන් කළා.

මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ අරමුදලකට චීන සමාගමක් විසින් කෝටි ගණනක මුදල් ලබා දී ඇති බව හෙළි වී ඇතැයි ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒවා ව්‍යාපෘති වියදම් ලෙසින් ගණන් බලා රටේ ජනතාවගේ ණය මුදල් ලෙස අය කර ගෙන ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

මෙවැනි වංචාවන් දූෂණ සහ අපරාධයන් වසා ගැනීම සඳහා ආගම්වාදය සහ ජාතිවාදය වපුරමින් කටයුතු කරන කණ්ඩායම්වලට ජනතාව විසින් ඉදිරියේ දී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

 

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ අයට පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිත්‍යානුකූල පදනමක් මත සිදුකර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එම ක්‍රියාවලිය ඇතුළු විවිධ ක්‍රියාවලීන් දේශපාලන මුහුණුවරින් යුතුව, අසාධාරණ ලෙස විවේචනය කිරීම හරහා රටේ අධ්‍යාපන පද්ධතිය අවුල් කිරීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

ඇතැම් මුද්‍රිත මාධ්‍යයන් විසින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා අසත්‍යය මාධ්‍ය වාර්තා පළ කිරීම දැඩි ලෙස හෙළා දකින බවත්, විවිධ දේශපාලන කරුණු සඳහා ප්‍රතිචාර දැක්වීමට රටේ දරුවන්ගේ අධ්‍යාපනය යොදාගැනීම දැඩි ලෙස පිළිකුල් සහගත බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එමෙන්ම, ලබන 04 වැනිදා රටේ සියලු පාසල් වසා දමන බවට එක්තරා ජාතික පුවත්පතක් විසින් පළ කර ඇති ප්‍රවෘත්තිය සාවද්‍ය බවත්, රටේ පාසල්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව තීන්දූ තීරණ ප්‍රකාශ කිරීම සඳහා පුවත්පතකට කිසිදු අයිතියක් නොමැති බවත්, අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම වත්මන් රජය විසින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූන් සඳහා සහන සැලසීමේ දී කිසිදු ලෙසකින් පක්ෂ භේද මත පදනම්ව කටයුතු කර නොමැති බවත්, එම කටයුත්ත අවිධිමත් ලෙස සිදු කළ බවට චෝදනා නගන බොහෝ පිරිස්, පසුගිය රජයන් සමයේ දී එලෙස දේශපාලන පළිගැනීම්වලට ලක්වූවා යැයි පවසමින් උසස්වීම් ලබාගත් අය බවත් අමාත්‍යවරයා කියා සිටියා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා වත්මන් රජය විසින් පත්වීම් ලබාදීම විධිමත්ව, සුදුසුකම් මත පමණක්ම සිදුකර ඇති බවයි අමාත්‍යවරයා තහවුරු කළේ.

පසුගිය රජය සමයේ දී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් 6000 කට අධික සංඛ්‍යාවකට කිසිදු විනිවිදභාවයකින් තොරව පත්වීම් ලබා දුන් නමුත්, වත්මන් රජය විසින් එම කටයුත්ත සිදුකිරීමේ දී කැබිනට් මණ්ඩලයේ මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතියට යටත්ව විනිවිදභාවයකින් යුතුව සිදුකර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා සහන ලබාදීමේ කටයුත්ත සාධාරණ කටයුත්තක් බවට රටේ අධිකරණ පද්ධතිය විසින් තහවුරු කර ඇති බවයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා සහන සැලසීමේ කටයුත්තේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුගමනය කර ඇති ක්‍රියාවලිය තුළ කිසිදු අයුරකින් දේශපාලන මැදිහත් වීමක් සිදු වී නොමැති බවත්, එම ක්‍රියාවලිය අතිශය විධිමත් සහ නීත්‍යානුකූල පදනමක් මත සිදුකිරීම පිළිබඳව තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ස්තූතිවන්ත වන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

එමෙන්ම දේශප්‍රේමීත්වය වෙනුවෙන් පෙනී සිටි පසුගිය රජයන් විසින් සිදුකරන ලද විවිධ දේශද්‍රෝහී ක්‍රියා සහ අක්‍රමිකතා පිළිබඳව පසුගිය දා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් සිදුකළ හෙළිදරව් කිරීම් පදනම් කර ගනිමින්, එම අක්‍රමිකතා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම ද ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

පසුගිය රජය යටතේ අධ්‍යාපන පද්ධතියේ සිදු වූ ඇතැම් දේ පිළිබඳව බරපතල ගැටළු පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190 ක හිඟයක් සහිතව විද්‍යාපීඨ තුළ වසරකට ශික්ෂණලාභීන් 4000 ත්, 5000 ත් අතර සංඛ්‍යාවක් පුහුණු කර ඇති ආකාරය බරපතල ගැටළුවක් බවයි. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III වන ශ්‍රේණිය සඳහා සීමිත පදනම මත පත්කෙරණු 353 කු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් අද (20) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ, වර්තමානයේ දී අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින සියලු පත්කිරීම් දේශපාලනයෙන් තොරව, නිසි ක්‍රමවේදයකට අනුව සිදුකරන ලද පත්වීම් බවයි. රටේ සියලු දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් පුහුණු කරවීමේ වගකීම ගුරු අධ්‍යාපනඥයින් සතු වන බවත්, එබැවින් ගුරු අධ්‍යාපනඥයින් සඳහා ගැඹුරු මෙන්ම පුළුල් සමාජ වගකීමක් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අවධියේ දී එතුමන් විසින් මෙම විද්‍යාපීඨ සංකල්පය ආරම්භ කළ බවත්, එම යුගයෙන් පසුව ඒ සඳහා දිය යුතු ප්‍රමුඛතාව පසුගිය සමයේ දී ලබා දී නොමැති බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවසුවේ පසුගිය රජයන් යටතේ මෙන් අධ්‍යාපන පද්ධතිය සඳහා හුදෙක් දේශපාලන පත්වීම් සිදු නොකොට වර්තමානයේ දී විධිමත් සහ ක්‍රමවත් අයුරින් පත්වීම් සිදුකිරීම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවයි.

පුරවැසි යුතුකම්, සමාජ වගකීම් මෙන්ම සමාජීය විනය යන කරුණු ගිලිහෙමින් පවතින සමාජයක එම යුතුකම් සහ වගකීම් මෙන්ම සමාජ විනය ද හොඳින් දන්නා අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරන ලෙස මෙම උත්සවයට එක් වූ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

2016 වර්ෂයේ පැවැති ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ iii ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව සුදුසුකම් ලද අයදුම්කරුවන් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේ සහ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිංහල මාධ්‍ය 223 දෙනෙකු සහ දෙමළ මාධ්‍ය 130 දෙනෙකු සඳහා අද පත්විම් ලිපි ප්‍රදානය කෙරුණා.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආෂු මාරසිංහ, ඉම්රාන් මහරූෆ්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

 

ෆින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සහ මෙරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් අද (12) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අදාළ පියවර සහ සැලසුම් පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර නවීන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ මෙරට සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව උසස් කිරීමට අදාළ නව ප්‍රතිපත්තීන් සහ සැලසුම් පිළිබඳව අදහස් සහ යෝජනා පිළිබඳව මෙම විශේෂ හමුවේ දී සලකා බලනු ලැබුවා.

පසුගිය වසරේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත වූ අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය නවීන දැනුම සහ ක්‍රමෝපායන් පිළිබඳව එහිදී ඔවුන් අධ්‍යනයක නිරත වුණා.

එමෙන්ම මෙරට තාක්ෂණික සහ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ෆින්ලන්ත රජය විසින් අග්‍රාමාත්‍යවරයාට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට පොරොන්දු වනු ලැබුවා.

එම පොරොන්දුව පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය ලබා දීමට එම රජය තීරණය කර ඇති බව මෙම විශේෂ හමුවේ දී එරට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සඳහන් කළා.

ඒ අනුව, තාක්ෂණික, වෘත්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂය පථයන් දියුණු කිරීම සඳහා ෆින්ලන්ත රජයේ මැදිහත් වීම ඉදිරියේ දී ලබා දීමට නියමිතයි.

 

 

Search