නවතම පුවත්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (07) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව යාකරවත්ත සහ ගල්පොල යන ප්‍රදේශවලදී හමුවූ මෙම පිරිස ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සිය සහාය දෙන බවයි කියා සිටියේ.

රටේ සංවර්ධනය සඳහා ගෙවී ගිය වසර දෙකහමාරක කාලයේ දී එක්සත් ජාතික පක්ෂය කළ මෙහෙවර අගය කළ ඔවුන් එම ගමනට ශක්තියක් වීම තම අරමුණ බවයි  අවධාරණය කළේ.

පසුගිය මැතිවරණ කාල සීමාවේදී වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රධාන ක්‍රියාකාරීන් රැසක්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග අත්වැල් බැඳ ගත්තා.

 

 

කුලියාපිටිය නගරයේ පසුගිය 03 වන දින පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුව සඳහා විශාල ජනකායක් එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කළ මෙම ජනහමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

 

කුලියාපිටිය නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ''දැවැන්ත ජනහමුවේ'' ඡායාරූප පහතින් නරඹන්න.

 

DSC 2723DSC 2723DSC 2723

 

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ හදිසි අපවත්වීම මුලුමහත් ශ්‍රී ලාංකීය ජනතාවට සංවේගදායී පුවතකි. බුදුදහම, සාහිත්‍යය, දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, ආදී ක්ෂේත්‍ර සම්බන්ධ ව පුළුල් අවබෝධයක් තිබූ උන්වහන්සේ ස්වකීය දැනුම ශාස්ත්‍රීය පොතපතට පමණක් සීමා කළ උගතෙක් නොව, ඒ හරහා සමාජ මෙහෙවරක යෙදුණු වියත් හිමි නමකි.

රට වෙනුවෙන් හඬ නැගිය යුතු තැන්වල දී නිහඬ ‍නොවූ, බොදු ජන ප්‍රසාදය නොමඳව දිනාගත හැකි ආකර්ෂණීය පෞර්ෂත්වයකින් යුතු වූ විමලරතන හිමියන් සිය දිවිසැරිය තුළ සිදුකර ඇති ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවර අතිමහත් ය.

පනහ දශකයේ දී පැවිදි දිවියට ඇතුළත්ව, විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාල මඟින් උපාධි ලබා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ 2005 වසරේ සිට එහි කුලපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදාය, බෞද්ධ මහා පුරුෂ සංකල්පය, ප්‍රඥා පාරමිතා සූත්‍ර සාහිත්‍යය වැනි උසස් බෞද්ධ කෘති රැසක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචනා කර ඇති උන්වහන්සේගේ අධ්‍යාපනික හා ශාසනික මෙහෙවර යුග ගණනාවකට විහිදෙන්නකි.

උගත්, විද්වත්, අත්දැකීම්වලින් පරිණත මිනිසුන් රටට වැඩිවැඩියෙන් අවැසි සමයක, බෙල්ලන්විල විමලරතන හිමියන් වැනි ශ්‍රේෂ්ඨ යථිවරයාණන් කෙනෙකුගේ අපවත්වීම මෙරට බෞද්ධ ශාසනයට, සාහිත්‍යයට, සමාජයට බලවත් පාඩුවකි. පිරිමැසිය නොහැකි අඩුවකි.

අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ රට, දැය, සමය වෙනුවෙන් නොපසුබට ව, අපක්ෂපාතීව, අභීතව පෙනී සිටි අතීත ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය මෑතකාලීන ව හඳුනාගත් භික්ෂූන්වහන්සේලා  අතර සිටි ශ්‍රේෂ්ඨ හිමිනමකි.

ජාතීන් අතර සංහිඳියාව, සමගිය ඇතිකිරීමේ කාලීන වටිනාකම හොඳින් අවබෝධකරගත් උන්වහන්සේ සමාජයට උපේක්ෂාව, මධ්‍යස්ථ මතධාරීව කටයුතු කිරීමේ වැදගත්කම ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. විමලරතන හිමියන්ගේ එවන් දෑහිතකාමී කටයුතු දෙස්විදෙස් ජනතාව අතර නොමඳ පැසසුමට ද ලක්විය.

මිල කළ නොහැකි යුග මෙහෙවරක නිරත වෙමින් බොදු ජන හදවත් මෙන් ම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සුවපත් කළ බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන‍් සුව ලැබේවා!

(අකිල විරාජ් කාරියවසම් - ලෝක එක්සත් බෞද්ධ සංඝ සම්මේලනයේ ගිහි සභාපති)

ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ඇතැමුන් ක්‍රියා කරද්දී එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන්ට එකසේ සැලකූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කුරුණෑගල මුකලංයාය ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ පැවති රජය ජාතිවාදය වපුරද්දී ඇතැම් සුළු ජාතික නායකයන් සිටියේ එම රජය සමග බවයි.

පසුව ඔවුන්ට ද යහපාලන බස් රථයට ගොඩවීමට සිදුවූ බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී පෙන්වා දුන්නේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කළ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.

වෙනත් දේශපාලන පක්ෂවලට පැහැදිලි නායකත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

පළාත් පාලන මැතිවරණ ජනරැළියක් අමතමින් අමාත්‍යවරයා අද (07) පෙන්වා දුන්නේ ප්‍රතිපත්තියක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.

 

එක්සත් ජාතික පක්ෂය බලය ලබා ගැනීමට උත්සාහ දරන්නේ රට සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මැතිවරණ ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ මැතිවරණ සටනට පිවිස ඇත්තේ පක්ෂයේ බලය ලබාගැනීමේ අරමුණෙන් බවයි.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.

Search