වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

නවදිල්ලි නුවර වෙසක් කලාපය විවෘත කෙරේ

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදිකරන ලද වෙසක් කලාපය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඉන්දියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු අතින් ඊයේ (15) සිදු කෙරුණා. ඉන්දියාවේ නවදිල්ලි නුවර රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල බහුලව පිහිටා ඇති ශාන්ති පාත් (Ceremonial Route) හි මෙම වෙසක් කලාපය ඉදිකර ඇති අතර දෙසීයකට අධික පහන් කූඩු සහ වෙසක් සැරසිලිවලින් මෙන් ම දර්ශනීය වෙසක් තොරණකින් මෙය සමන්විතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වෙසක් තොරණක් ඉන්දියාවේ ඉදි වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම තොරණින් “අංගුලිමාල කථා වස්තුව” නිරූපණය කරන අතර අඩි හතළිහක උසකින් යුක්තව තොරණ නිර්මාණය කර තිබෙනවා. ඒ සඳහා යොදාගෙන ඇති විදුලි බුබුළු සංඛ්‍යාව පහළොස් දහසකට අධිකයි. තොරණේ කථාව ඉදිරිපත් කරනු ලැබුවේ හින්දි බසිනි. මීට අමතරව බොදු බැති ගී ප්‍රසංගයක් ද පවත්වනු ලැබුවා. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බුදු දහම මුල්කරගනිමින් ගොඩ නැගී ඇති සබඳතා සුරක්ෂිත කිරීමත්, දෙරටේ සංස්කෘතික හා බෞද්ධාගමික උරුමයන් හුවමාරු කිරීමත් සමගින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙම වෙසක් කළාපය නිර්මාණය කිරීමේ අරමුණයි. මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයයි. ඊයේ රාත්‍රියේ මෙම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමගින් ඉන්දීය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය මහේෂ් ශර්මා, ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කිරන් රිජිජු, සමාජ යුක්තිය සහ රැකී රක්ෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රාම්දාස් අත්වාලේ, නවදිල්ලි මහනගර සභාවේ සභාපති නරේශ් කුමාර් ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක් ව සිටියා. උත්සවයට සහභාගි වූ අමාත්‍යවරුන් තිදෙනා ම බෞද්ධයින් වීම ද විශේෂත්වයක්. මෙම උත්සවයේ ආගමික කටයුතු ඉන්දියානු මහා බෝධි සංගමයේ වාරනාසි මධ්‍යස්ථානයේ සහ නවදිල්ලි මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමිවරුන් විසින් සිදු කරනු ලැබුවා.

Category: Video Gallery | Created by: | Hits: 16124

Search