බලලෝභි වෘත්තීය සමිති දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ගෙන යන විරෝධතා කණගාටුවෙන් යුතුව හෙළා දකිනවා

බලලෝභී දේශපාලකයන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීමට වෘත්තීය සමිති මෙතෙක් අහිංසක රෝගීන් බිල්ලට ගත් පරිදි පාසල් දරුවන්ගේ අනාගතය ද අඳුරට ඇද දැමීම සඳහා ඇතැමුන් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් රටට ආදරය කරන කිසිදු වෘත්තිකයකු මෙවැනි ඊනියා විරෝධතාවන් සඳහා සම්බන්ධ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. මේ මගින් අසාධාරණයට ලක්වන්නේ සමස්ත ජනතාවගේ ම දරුවන් බැවින් ජනතාව මෙම අසාධාරණයට එරෙහිව නැගීසිටීමට පියවර ගත යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය සමයේ ඇති වූ අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයත්, ඩෙංගු උවදුර ව්‍යාප්තවීම සහ වෛරස් උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් තත්වයන් හමුවේ වුව ද සුදුසු විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම වළක්වා ගැනීමට පියවර ගනු ලැබුවේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කරදීම රජය වගකීමක් ලෙස සැලකූ නිසා බව ද අවධාරණය කළා.

Category: Video Gallery | Created by: | Hits: 5021