වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

සුහුරු පන්ති කාමර(Smart Class Room) නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක වෙනස්කම් සිදු කිරීමට ගන්නා තීන්දු තීරණ ප්‍රමාද කිරීමට හා ඒ සඳහා බාධා ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවත්, සිසුන්ට වඩා පහසුවෙන් භාවිතා කළ හැකි, වෛද්‍යවරුන් අනුමත කළ නවීන පුටු ලබාදීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ එවැනි හේතු මත බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් ක‍‍‍ළේ තමන් එවැනි ක්‍රියා මගින් අධෛර්යට පත් නොවී කෙසේ හෝ පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවයි. අද (13) පෙරවරුවේ ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ පැවති ආදර්ශ සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළා. වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමග අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25 ක ‘සුහුරු පන්ති කාමර’(Smart Class Room) ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. නියාමන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලබන මෙම සුහුරු පන්තිකාමරය තුළ ටැබ් පරිගණක භාවිතා කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිදු මුද්‍රිත පොතක් භාවිතා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින පරිදි එම කාර්යයන් සැලසුම් කර තිබෙනවා. කෝජේන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය හර්ෂ සුබසිංහ මහතාගේ දායකත්වය මත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ ද මැදිහත් වීමෙන් ජයවර්ධනපුර (පිරිමි) මහා විද්‍යාලයේ ඉදි කළ මෙම ආදර්ශ සුහුරු පන්ති කාමරය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පත් වුණා. මෙම උත්සව අවස්ථාවට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, කෝජේන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 18737

Search