වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

අධ්‍යාපන පරිපාලන සේවයේ iii පන්තියට නවක නිලධාරීන් 198 ක්.

වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවකට අධ්‍යාපන අමාත්‍යධූරය දරන සමයට පසුව වසරක සේවාරම්භක පුහුණුවක් ද සමගින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 පන්තියට නවක නිලධාරීන් 198 දෙනෙකු බඳවාගැනීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (16) උදෑසන පැවැත්වුණ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 පන්තියේ පත්වීම්ලාභී නවක නිලධාරීන්ගේ සේවා ප්‍රවිශ්ට සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. පසුගිය රජය සමයේ දී දක්ෂයින්ට අවස්ථාව නොදී දේශපාලන හා පුද්ගලික හිතවත්කම් මත සිදු කෙරුණු පත්වීම් ලබාදීම වෙනුවට විවෘත හා විනිවිදභාවයකින් යුක්ත ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත සුදුසුකම් සහිත දක්ෂයින්ට එකතුවීමට අවස්ථාව සලසා දීම සඳහා තමා කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින දැඩි නිලධාරී හිඟයට පිළියම් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 පන්තියට නිලධාරීන් බඳවාගැනීමේ තරග විභාග 2016 වසරේ දී පවත්වනු ලැබු බව ද ප්‍රකාශ කළා. ඒ අනුව පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත 198 දෙනෙකු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 පන්තියේ පත්වීම් සඳහා සුදුසුකම් ලබාගත්තා. වැඩි දුරටත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපන පරිපාලන සේවයේ ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම වසරේ සිට සෑම වසරකම ඒ සඳහා තරග විභාග පැවැත්වීමට කටයුතු කරන බවයි. මෙම නවක පත්විම්ලාභීන් 2017.01.17 දින සිට මාස 12 ක සේවාරම්භක පුහුණු වැඩසටහන සඳහා මහරගම, ව්‍යවසායකත්ව කළමනාකරණ අධ්‍යාපන විද්‍යාපීඨයට යොමු කරන අතර පුහුණු වැඩසටහන අවසානයේ දී දිවයින පුරා පිහිටි පළාත් අධ්‍යාපන කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ ජාතික පාසල්වල පවතින පුරප්පාඩු අනුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විෂයය අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරු වශයෙන් මෙම නිලධාරින් ස්ථාන ගත කරනු ඇත. මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 17112

Search