වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පිරිවෙන් නගා සිටුවීමේ විධිමත් වැඩ පිළිවෙලක් 2017 02 14

දිවයින පුරා පිහිටි සියලුම පිරිවෙන්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු විධිමත් වැඩ පිළිවෙලක් ඔස්සේ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ සඳහා පිරිවෙන් පද්ධතිය පිළිබඳ නිවැරදි තොරතුරු අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා අනුව පිරිවෙන් නගා සිටුවීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) සවස පැවති පිරිවෙන් පරිවේණාචාර්යවරුන් 199 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. ස්වාමින් වහන්සේලා 122 දෙනෙකු සහ ගිහි 77 දෙනෙකු පරිවේණාචාර්යවරුන් ලෙස මෙහිදී තමන්ට හිමි පත්වීම් ලිපි අමාත්‍යවරයා අතින් ලබාගත් අතර මෙම උත්සව අවස්ථාවට අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) මධුර වේහැල්ල මහත්මිය, පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඥානරතන ස්වාමීන් වහන්සේ ඇතුළු පැවිදි ගිහි පිරිසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 16522

Search