2017 03 15 Education Akila viraj Kariyawasam
රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන් මානව සම්පත් පුහුණු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් සේ සලකමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ලබාදීම ගැන වත්මන් රජය තරම්, මින් පෙර කිසිම රජයක් අවධානය යොමු කර නොතිබූ බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම ඉදිරි අනාගතය ‍දූරදර්ශීව සැලසුම් කරමින් ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලු විද්‍යාපීඨවල පාඨමාලා යාවත්කාලීන කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව අමාත්‍යතුමන් ප්‍රකාශ කළා. ගමනක් යන විට අතරමඟ හමුවන බුරා පනින බල්ලන්ට ගල් ගසන්නට ගියොත් ගමන යන්නට නොහැකි වන බවට හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් විසින් කරන ලද ප්‍රකාශයක් ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා, අතළොස්සකගේ කවරාකාර බලපෑම් තිබුණත් අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ගත යුතු තීරණ නොබියව ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළා.
Category: Video Gallery | Created by: | Hits: 5262