වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

සැබෑ දේශප්‍රේමීන් සහ ව්‍යාජ දේශප්‍රේමීන් 2017 04 04

සැබෑ දේශප්‍රේමීන් හා ව්‍යාජ දේශප්‍රේමීන් පිළිබඳව ඉන්දීය නිදහස් සටනේ සිදුවීමක් මතක් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (03) සවස කිරිබත්ගොඩ නගරයේ පැවති ජන හමුවක දී අදහස් ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් අතරතුර පැවති මෙම ජනහමුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර, කාවින්ද ජයවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී මෙසේ ප්‍රකාශ කළා. මට මතක් වෙනවා මේ වෙලාවේ ඉන්දියාවේ නිදහස් අරගලය. ඉන්දියාවේ නිදහස් අරගලය පවතිද්දි නිදහස් අරගලය වෙනුවෙන් අරගලකරුවන් විසින් රේල් පීලි ගලවමින් සිටින විට පොලීසිය ඇවිත් ඔවුන්ව සිරගත කළා. ඒ සිරගත කරන කොට මළපහ කරන්න ආපු අයත් ඒ රේල් පීලි ගාව ඉඳල ඒ ගොල්ලොත් සිරගත කළා. එළියට එද්දි මිත්‍රවරුණි, අර මළපහ කරන්න්න ගිහිල්ලා ඇතුළට ගිය අයත් එළියට ආවේ සිංහයෝ වගේ දේශප්‍රේමීන් වෙලා. ඒ වගේ තමයි මට නම් පේන්නේ මේ රාජපක්ෂවරුන්ගේ රෙජිමය. දැන් අද මේ කැත වැඩ ජඩවැඩ සියල්ල කරලා බන්ධනාගාරගත වෙන්නේ හරියට වීරකමක් කරල වගේ. බලන්න වෑන් එකෙන් බස් එකෙන් ඇවිල්ලා අත දාලා හොඳට ආචාර කරලා මේ රටේ දේශප්‍රේමීන් කියල හිතාගෙන තමයි යන්නේ. මේ රටේ ජනතාව 2015 ජනවාරි අටවෙනිදා මේ විප්ලවය කරේ රාජපක්ෂවරුන්ගේ පාදඩ දේශපාලනයට විරුද්ධව. මේ ප්‍රදේශවල ඉස්සර නායකයෝ හිටියා, ගස් බැන්ඳ කප්පම් එකතු කළා සුදු වෑන් යවලා අර අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා දුන්නේ නැත්නම් අතුරුදහන් කළා. මේ යුගය කාටවත් අමතක වෙලා නැහැ මිත්‍රවරුනි. මේ අපි ඉදිරියේ ඉන්න මාධ්‍යවේදීන් පෝද්දලලා ලසන්ත වික්‍රමතුංගලා අමු අමුවේ ඝාතනය කරලා බල්ලෝ බළල්ලු වගේ, අද ඇවිල්ලා කතා කරනවා. මේ රටේ නිදහස ගැන අද ඇවිල්ලා කතා කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මම දැක්ක රාජපක්ෂ මැතිතුමා කියලා තියෙනවා නුවර එතුමා ඉන්න කාලේ නම් පාරවල් වහන්න දුන්නෑ, විවිධ කතා කියල තියෙනවා මම දැක්කා. තමුන්නාසේලාට මතක ඇති රාජපක්ෂවරු නුවර තියෙන පාරවල් ඔක්කොම වහලා තමන්ගේ රජ පුත්තුන්ට රේස් පදින්න අවස්ථා ඇති කරලා ඒ නුවර මිනිස්සු පණ යනකන් බනිද්දි එයාලට ඕන ඕන එක කරා මිත්‍රවරුනි, අද මැරිල ඉපදිලා කියල හිතාගෙන රාජපක්ෂවරු අද සෙල්ලම් දානවා නටනවා. අද හිතාගෙන ඉන්නවා බලයට පත්වෙනවා කියලා. අපිට කියන්න තියෙනනේ දෙයියන්ගේ පිහිටයි කියලා. ඕන තරම් උද්ඝෝෂණ කරන්න, අපි අතුරුදහන් කරන්නෙත් නෑ. ගහන්නෙත් නෑ. ඕන තරම් උද්ඝෝෂණ කරන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ඕන මාධ්‍යයක ඕන එකක් ගහන්න. රජයේ මාධ්‍ය වලිනුත් ගහන්න, අපේ නායකයින්ට. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි මේවගෙන් ආණ්ඩු පෙරලන්න බෑ මිත්‍රවරුණි, ඔය රාජපක්ෂ මහත්තයාලා කුරුණෑගලින් මගේ දිස්ත්‍රික්කයෙන්නේ ඡන්දේ ඉල්ලන්න මිත්‍රවරුණි ආවේ, තමුන්නාසේලාට මතක ඇති කුරුණෑගල තෝතැන්නක් කියලා හිතාගෙන තමයි ආවේ. අපි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දණ ගැස්සුව මහින්ද රාජපක්ෂව. තැපැල් ඡන්දත් දිනුවේ අපි. ඒ නිසා එතුමාට අපි පාඩමක් ඉගැන්නුවා ජනවාරි අටවෙනිදාත් ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයෙත් පාඩමක් ඉගැන්නුවා. මටත් පුළුවන් වුණා ලංකාවේ දෙවෙනි මනාපලාභියා බවට පත්වෙමින් ලක්ෂ 3 කට ආසන්න මනාප ගන්න රාජපක්ෂවරු එක්ක සටන් කරලා. ඒ නිසා මිත්‍රවරුණි රාජපක්ෂ භීතිකාවකට අපි බය විය යුතු නැහැ. ඒක කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්වෙලා ඉවරයි කියලා මේ අවස්ථාවේ කියන්න ඕනි. දැන් අපිට ඕනි කම තියෙන්නේ තනියම ආණ්ඩුවක් හදන්න ඊළඟ මැතිවරණයේ දී ශක්තිමත් යූ. එන්. පී. ඡන්ද ප්‍රමාණයක් බහුතරයකට වඩා ගැනීමයි අපිට උවමනාකම තියෙන්නේ. මිත්‍රවරුණි එතකොට අපිට පුළුවන් තවත් ශක්තිමත් කරන්න. අපි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකට එකතු වෙලා ඉන්න එක කඩන්න ගොඩක් අයට ඕන කමක් තියෙනවා. හැබැයි අපි ඒවට රැවටිය යුතු නෑ. මොකද මිනිස්සු ජනතාව බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න නම් අපිට තව ගමනක් තව දුරටත් යන්න තියෙනවා තව ඉදිරියට. අපි ආණ්ඩුව ඇවිල්ලා රුපියල් දස දහසකින් වැටුප් දීමනාව වැඩි කරා. ආණ්ඩු හතරකින්වත් අඩු කරන්න බැරි පෙට්‍රල් ලීටරය රුපියල් තිස්තුනකින් අඩු කළා. අද ඒවා ගොඩක් අයට මතක නැහැ. ඩීසල් අඩු කළා භූමිතෙල් අඩු කළා. මගේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ වෙන කොට මේ රටේ තියෙන පාසල් 10161 න් පාසල් 7000 ක් සංවර්ධනය කරන අලුත් යෝජනා ව්‍යාපෘති 18500 ක් ක්‍රියාත්මක වන බව කියන්න ඕනි මිත්‍රවරුණි ඒ නිසා මිත්‍රවරුණි තමුන්නාසේලාට අලුත් හොඳ අනාගතයක් තමුන්නාසේලාගේ දරුවන්ට ඇති කරල දෙන්න අපි හැම ක්ෂේත්‍රයකම සැලසුම් සකස් කරමින් යනවා. අද හම්බන්තොටට විරුද්ධව කැරළි ගහන්නේ ඇයි? හම්බන්තොටට කර්මාන්ත පුරය ආවම කර්මාන්ත දෙතුන් දාහක් හම්බන්තොටට ආවම රැකියා ලක්ෂ ගාණක් බිහිවෙන කොට මේ රටේ ආර්ථිකයට සල්ලි ඩොලර්වලින් යුරෝ වලින් යෙන්වලින් පොම්පකරන කොට මිත්‍රවරුණි, රාජපක්ෂවරු දකුණේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි රට හතර දිග්භාගයේ මිනිස්සුන්ට, රාජපක්ෂවරුන්ගේ අනාථ ඒකාබද්දේ අවශ්‍ය නැති වෙන නිසා. ඒ තියෙන බය නිසා තමයි අද මේ තැනින් තැන හුදකලා සටන් කරන්නේ මිත්‍රවරුණී. ඒ නිසා මිත්‍රවරුණි ඊළඟට එන ඕනෑම මැතිවරණයක දී අපි බය නැතිව බය නැතිව සංවිධානය වෙලා අපේ එක්සත් ජාතික පක්ෂය විදිහට අපි දැවන්ත අරගලයක් කරලා අපේ ආණ්ඩුව, ශක්තිමත් ආණ්ඩුව තව දුරටත් ශක්තිමත් කරමු කියලා ප්‍රකාශ කරමින් තමුන්නාසේලාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.
Category: Video Gallery | Created by: | Hits: 16061

Search