වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්ධුරය මහාචාර්ය පී.බී මණ්ඩාවලට.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා පත්කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව අධ්‍යාපන අමාත්‍යය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (31) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එම නව පත්කිරීම සිදුකෙරුනේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ පරිපාලනය සම්බන්ධව 2014 වසරේදී ආරම්භ කරන ලද මුලික විමර්ශනයකට අනුව තාවකාලිකව ඔහු අමාත්‍යංශ නිලධාරී සංචිතයට අනුයුක්ත කිරීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙනි. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ හේතුව යම්කිසි හෝටල් ව්‍යාපෘතියක් සම්බන්ධ සිදුවීමක්දැයි මාධ්‍ය හමුවට සහභාගිවූ මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ තමන් කිසි ලෙසකින් එවැනි ක්‍රියාවකට සම්බන්ධ වීමක් හෝ අනුබලයක් හෝ ලබානොදුන් බවයි. ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද ලිඛිතවම තමන් වෙත තොරතුරු ලබාදී ඇති බවත් ඇතැම් පිරිස් සංවිධානාත්මකව විවිධ මාධ්‍ය ඔස්සේ සිදුකරන පදනම් විරහිත චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් වැඩිදුරටත් පැවසුවා.

Category: Video Gallery | Created by: | Hits: 5187

Search