වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

දඹුල්ල ලෙන් විහාරය සම්බන්ධව මතුව ඇති තත්වය

දඹුල්ල ලෙන් විහාරය සම්බන්ධව මතුව ඇති තත්තවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණා. එහිදී · දඹුල්ල ඓතිහාසික ලෙන් විහාරය භූමිය ආශ්‍රිතව සිදු කර ඇති අනවසර ඉදිකිරීම් හා ලෙන් විහාරයේ සිතුවම්වලට හානි සිදුවන ආකාරයේ ක්‍රියාමාර්ගවලට පැවති විහාර පරිපාලනය කටයුතු කිරීම · ලෝක උරුමයක් ලෙස දඹුල්ල ලෙන් විහාරය ඉවත් කිරීමේ අවදානම · සිතුවම් සංරක්ෂණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් සංරක්ෂණ ආයතනයක් වන ඉතාලියේ International Centre for the Study of the Preservation and Restoration of Cultural Property (ICCROM) ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා මෙරටට පැමිණ පරීක්ෂා කර ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම · මතු වී ඇති තත්ත්වය මත එම සියලු සංරක්ෂණ කටයුතු නතර කිරීමට සිදු වී ඇති බැවින් දඹුල්ල ලෙන් විහාරය විනාශ මුඛයට පත් වීමේ අවදානම පවතින බව · 1996 සිට විහාර පරිපාලන කටයුතු සිදු කළ සමයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම් සම්බන්ධව බරපතල මුල්‍ය වංචාවක් සිදු ව ඇති බවට වර්තමාන විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියන් විසින් පරීක්ෂණයක් ඉල්ලා සිටීම සහ තවත් කරුණු පිළිබද පැහැදිලි කිරීමක් අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා.

Category: Video Gallery | Created by: | Hits: 14536

Search