වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

ජනතාවාදී නොවන දූෂිත දේශපාලඥයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම වැළක්විය නොහැකියි

ජනතාවාදී නොවී රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරන දේශපාලකයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම අනිවාර්ය බවත් පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීම මගින් සිදු වූ මහජන මුදල් නාස්තිය වළක්වා ගනිමින් නිල ඇඳුම් වවුචර පතක් ලබාදීමට තමා කටයුතු කළ අවස්ථාවේ ඇතැම් වෘත්තීය සමිති පවා නිල ඇඳුම් වවුචරය ලබාදීම විවේචනය කළ නමුත් ඒ මගින් රජයට අති විශාල මුදල් ප්‍රමාණයක් ඉතිර කර ගනිමින් නිල ඇඳුම් ලබාගැනීම සඳහා සිසු දරුවන්ට ලබා දෙන වවුචර පතෙහි වටිනාකම වැඩි කිරීමට හැකි වූ බවත් පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ ක‍ළේ ඊයේ (30) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති වෘත්තීය දේශකයින්ගේ සංගමයේ හත්වන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. තම දරුවන්ට කුමන හෝ මාර්ගයකින් හොඳ අධ්‍යාපනයක් ලබා දීම සියලු මාපියන්ගේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් වෘත්තීය දේශකවරුන් දක්වන දායකත්වය අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැවසුවා. පාසල් පැවැත්වෙන කාල සීමාව තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම අනුමත නොකරන බව පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ සාරධර්ම සුරකින යහපත් පුරවැසියකු නිර්මාණය කිරීම බවත් පෙන්වා දුන්නා. මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වී ඇති හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටට වාසිදායක හවුල් ව්‍යාපාර ඇති කරගනිමින් රැකියා අවස්ථා නිර්මාණය කරදීම රජයේ අපේක්ෂාව බවයි. ජනතාව මත අධික බදු බර පටවමින් හම්බන්තොට වරාය තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට එය බදු දීම සිදු කළේ ද පසුගිය රජය විසින් විකුණා දමා තිබූ කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය බදු ගිවිසුමක් මගින් යළි පවරාගැනීමට කටයුතු කළේ ඒ අනුව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කාලයක් පුරා වෘත්තීය දේශකයන් ලෙස සිය දායකත්වය ලබා දුන් ප්‍රවීණයන් වෙත උපහාර සම්මාන ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වූ අතර මෙම උත්සව අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Category: Video Gallery | Created by: | Hits: 4833

Search