බන්දුල ගුණවර්ධන මහතාගේ කතාවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පිළිතුරක්

විද්‍යාපීඨ හික්ෂණලාභීන් සඳහා මාසයකට ගෙවනු ලබන දීමනාව රුපියල් 2500ක් බව පවසමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද කළ ප්‍රකාශයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු ලබාදුන්නා.ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් කණිෂ්ඨ තරගාවලියේ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබූවන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින්. මේ වනවිටත් විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා රුපියල් 3500ක මාසික දීමනාවක් ලබාදෙන අතර, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන් මුහුණදෙන ආර්ථික අපහසුතා හඳුනාගනිමින් එම මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට තමන් පියවර ගෙන ඇති බවයි. හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කරුණු හරිහැටි නොදැන මෙවැනි ප්‍රකාශ සිදුකිරීම කණගාටුදායක බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

Category: Video Gallery | Created by: | Hits: 5790