වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

suraksha video

· රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීම රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී දිනකට රුපියල් දහස බැගින් වසරකට දින තිහක් දක්වා ගෙවීම් කෙරේ. එමෙන්ම රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී පිටතින් සිදුකරන පරීක්ෂණ සඳහා රුපියල් දස දහසක් දක්වා මුදලක් ලබා ගැනීමට රක්ෂණයෙන් අවකාශ සැලසේ. · පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබන්නේ නම් උපරිමය රුපියල් ලක්ෂයකට යටත් ගෙවීමක් කරනු ලැබේ. පුද්ගලික රෝහල් හිමියන්ගේ සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග අධ්‍යාපන ඇමතිවරයා කළ සාකච්ඡාවකින් අනතුරුව සුරක්ෂා සිසු රක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් රෝහල් ගාස්තු හා විශේෂඥ වෛද්‍ය ගාස්තු සඳහා සියයට විස්සක වට්ටමක් ලබාදීමට එකඟ වී ඇත. · නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සඳහා වෛද්‍ය සේවා සැපයීම නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවෙක් සඳහා පුද්ගලික රෝහලක, රජයේ රෝහලක (ගෙවන වාට්ටුවක), මුදල් ගෙවන ආයුර්වේද රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළුවන විට ආරෝග්‍ය ශාලා කාමරයක් සඳහා දිනකට උපරිම කාමර ගාස්තුව ලෙස ලබා දෙන මුදල රුපියල් පන්දහසකි. වර්ෂයකට උපරිමය රුපියල් හැට දහසකි. වෛද්‍ය ගාස්තුව සම්බන්ධවත් නිර්නායක තිබේ.එම්.බී.බී.එස් හෝ ඩී.ඒ.එම්.එස් උපාධිය සහිත වෛද්‍යවරු හෝ ඊට ඉහළ සුදුසුකම් ලද වෛද්‍යවරු වෙනුවෙන් ගෙවන වෛද්‍ය ගාස්තුව එක් රෝහල්ගතවීමක් සඳහා උපරිමය රුපියල් තිස් දහසකි. වර්ෂයක උපරිමය රුපියල් හැට දහසකි. විවිධ රෝහල් සේවාවන් හා සැපයීම් සේ සැලකෙන ඖෂධ, බෙහෙත් වර්ග, සැත්කම් ගාස්තු, විශේෂ ප්‍රතිකාර සඳහා එක් රෝහල්ගතවීමකට රුපියල් හතලිස් දහසකි. වාර්ෂිකව ගෙවන උපරිමය රුපියල් අසූ දහසකි. · රෝහල්ගත නොවන අවස්ථාවක රෝහල්ගත වීමකින් තොරවත් ප්‍රතිකාර හා වෛද්‍ය ගාස්තු ආවරණය කරගැනීම සඳහා මේ රක්ෂණය යටතේ අවකාශ සැලසී තිබේ. බාහිර ප්‍රතිකාර සඳහා රෝග හතක් වෙනුවෙන් රුපියල් දස දහසකට යටත්වන උපරිම වාර්ෂික ආවරණයක් ඇත. එම රෝග ජීවිත අවදානමක් සහිත විශේෂිත රෝගය. පිළිකා, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතා, ප්‍රධාන ඉන්ද්‍රිය බද්ධ කිරීම, අංශභාගය, අන්ධභාවය,බහුවිධ පරිධ්‍යාය, තුන්වන මට්ටමේ පිලිස්සීම් සඳහා ඖෂධවර්ගවලට බෙහෙත් වලට හා පරීක්ෂණයන්ට අදාල වියදම් රුපියල් දස දහසක් දක්වා ආවරණය කර ගත හැකිය.

Category: Video Gallery | Created by: | Hits: 5505

Search