වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පුරාවිද්‍යා ස්ථාන ප්‍රමුඛතාව මත සංරක්ෂණයට

මෙරට පවතින දෙලක්ෂ තිස් දහසකට ආසන්න පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සඳහා පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් කමිටු පත්කර ප්‍රමුඛතාව මත සංරක්ෂණ කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තිරණය කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කරනු ලැබු සමීක්ෂණ මත, දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව පළාත් මට්ටමින් සකස් කල කමිටුවක් මඟින් අදාළ ප්‍රදේශයන්හී සංරක්ෂණය කළ යුතු පුරාවිද්‍යා ස්ථාන, ප්‍රමුඛතා ලේඛනයක් අනුව ගොනුගත කිරීමට නියමිතයි. ඉන් අනතුරුව, එලෙස හඳුනාගත් සංරක්ෂණය කළ යුතු පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව ජාතික මට්ටමින් ස්ථාපනය කළ කමිටුවක් හරහා නැවත අධ්‍යයනය කොට ඒවා ප්‍රමුඛතාවයන් අනුව වහා සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා කමිටුව පත් කිරීමේ දී පුරාවිද්‍යා නිලධාරීන්, වාස්තු විද්‍යඥයින්, පරිසරවේදින් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි විද්වතුන්ගේ සහය ලබා ගැනීම සිදුවනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් වෙහෙර විහාරස්ථාන දොළොස්දහසක් ප්‍රතිසංකරණය කිරීමේ "සසුනෝදය" වැඩසටහන පිළිබඳව පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.

Category: Video Gallery | Created by: | Hits: 15370

Search