2016.04.26 සිරිකොත මාධ්‍ය හමුව
කම්කරුවන් අතර හොරුන්ගේ මැයි රැලියක් ගැන අකිල හෙලිකරයි. මෙවර මැයි දිනයේ ප්‍රධාන මැයි රැලි 3ක් පැවැත්වෙනවා. එකක් බොරැල්ල කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය තවත් එකක් ගාල්ලේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අනෙක කිරුලපනදී හොරුන්ගේ මැයි රැලිය ලෙස මැයි දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මොකද හොරු ආරක්ෂා කරන්න තමන්ගේ හොරකම් වසාගන්න කිරුලපන මැයි රැලිය පවත්වන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. අපිට ලැබී තිබෙන ආරන්චි මාර්ග අනුව ඔවුන්ගෙ වැරදි වසා ගන්න ජන බලයක් මවා පෙන්වන්නයි මෙ කිරුලපන මැයි රැලිය පවත්වන්නේ. අපි කියන්න කැමතියි අපි වැඩ කරන්නෙ වැඩකරන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්නයි. එහෙම නැතුව හොරු ආරක්ෂා කරන්න නෙවෙයි කිරුලපන මැයි රැලියට තෝරගෙන තියෙන්නෙ කොලඹ තියෙන කුඩාම ක්‍රීඩාංගන වලින් එකක් ඔය ක්‍රීඩාංගනයට 2000ක් එනකොට ඕක පිරෙනව මම මේ පාර කුලියාපිටියෙන් විතරක් 5000ක ජනතාවක් මැයි දිනයට කැම්බල් පිටියට අරගෙන එනව මගේ අය විතරක් දැම්මත් ග්‍රවුන්ඩ් එක පිරිල පාර වැහෙන්න සෙනග ඉන්නව. අපි මෙවර මැයි රැලිය පවත්වන්නෙ කැපකරපු ජනතාවට අලුත් රටක් තේමා කරගනිමින් ඒ අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කම්කරු අයිතීන් ආරක්ශා කරගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැදුනු රාජපක්ෂ රෙජිමයේ වෙඩි උණ්ඩ වලට ලක්වෙලා අවසන් ගමන් ගියපු කටුනායක රොෂේන් චානක, රතුපස්වල ජනතාව, රාජපක්ෂලා විසින් පැහැරගත්ත අතපය කඩපු මාධ්‍යවේදීන්, රාජපක්ෂලාගෙ ජාතිවාදී ගොදුරු බවට පත්වුණු අලුත්ගම ජනතාව මේ සියලු දෙනා මේ රටේ වැඩ කරන ජනතාව විදියට විශාල කැපකිරීමක් සිදුකලා අන්ත රාජපක්ෂ රෙජිමය ගෙදර යවන්න. මේ රටේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනතාව කැපවුණා. අන්න ඒ කැප කරපු ජනතාව වෙනුවෙන් අලුත් රටක් නිර්මාණය කිරීම තේමාකරගනිමිනුයි මෙවර අපි මැයි දින රැළිය පවත්වන්නෙ.
Category: Video Gallery | Created by: | Hits: 17391