වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමට සියල්ල සූදානම්

යුගයට ගැළපෙන නව වෙනස්කම් රැසක් සමඟින් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා (27) කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.‍ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන, විෂයමාලා සංශෝධන, නවීන තාක්ෂණයට අනුකූලව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරෙන Smart Class Room වැනි වැඩසටහන් පිළිබඳ මෙහිදී සඳහන් කළා. මීට අමතරව මෙරට පවතින ගුරු පුරප්පාඩු සියල්ල ඉදිරි වසර 03ක් හෝ 4ක් ඇතුළත වහාම පිරවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා. නව යුගයට ගැළපෙන පරිදි 2017 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ සියලු සිසුන් සඳහා නියමු ව්‍යාපෘතියක් යටතේ ටැබ් පරිගණක ලබාදීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රථමවතාවට මාධ්‍යයට අනාවරණය කළා. පාසල්වල පවත්නා භෞතික සම්පත් සංවර්ධනය කිරීම මෙන්ම මානව සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් ද වත්මන් රජය පුළුල් අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, සාරධර්ම පිරිපුන් මානව හිතවාදී දරු පරපුරක් නිර්මාණය කිරීම තම ප්‍රධාන අරමුණක් බව ද මෙහි දී සිහිපත් කළා. රටේ පවතින අමාත්‍යාංශ අතුරෙන් වැඩිම වගකීමක් ඇති අමාත්‍යාංශය ලෙස තමා අධ්‍යාපන අමාත්‍යාංශය සලකන බව සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය කාලයේ විභාග දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සිදුවූ යම් යම් ගැටළු, නිල ඇඳුම් සහ පෙළ පොත් සම්බන්ධව සිදුවූ ගැටළු ආදී සියල්ල වළක්වාගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය නායකත්වය හැමවිටක ම තමා ලබාදෙන බව ද අමාත්‍යවරයා සිහිපත් කළා. කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ පැවති මෙම උත්සවයට අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස ‍හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 5623

Search