වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පළාත් පාලන ආයතන ද තම වටිනා ලේඛන ආරක්ෂාවට පියවර ගත යුතුයි.

ජාතික වශයෙන් ඉතාමත් වැදගත් ලේඛන ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සුරක්ෂිත කිරීමට හැකි බවත් ඒ සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට තමා පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ ජාතික ලේඛනාරක්ෂක සතිය නිමිත්තෙන් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අද (07) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. ජාතික ලේඛනාරක්ෂක සතිය 2016 නොවැම්බර් මස 07 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර මෙවර ලේඛනාරක්ෂක සති‍යේ තේමාව වන්නේ "ජාතික ලේඛනාගාරය සහ පළාත් පාලන ලේඛන" යන්නයි. උත්සවය ඇමතූ අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ සියලුම පළාත් පාලන ආයතන සතු වැදගත් ලේඛනවල පිටපත් ද සුරක්ෂිතව තැන්පත් කිරීම සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතු නමුත් එම ලේඛන ලබා නොදී සිටීමෙන් ජාතික වශයෙන් වැදගත් වටිනා ලියවිලි විනාශ වීමේ අවධානමක් පවතින බවයි. ලේඛන සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉහල දැනුමක් සහිත පිරිසකගේ සහයෝගය ලබාගැනීම සඳහා ලේඛනාරක්ෂක විෂය සම්බන්ධ පිරිස් වෙත දේශීය හා විදේශීය අධ්‍යාපන අවස්ථා ලබා දීමට තමා පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසුවා. "ජාතික ලේඛනාගාරය සහ පළාත් පාලන ලේඛන" යන මෙවර තේමාවට අදාළව හොඳම පළාත් පාලන ආයතන ලේඛන කාමරයට හිමි රන් සම්මානය කුරුණෑගල මහනගර සභාව විසින් දිනාගන්නා ලද අතර රිදී සම්මානය හම්බන්තොට මහ නගර සභාවට ද ලෝකඩ සම්මානය බණ්ඩාරවෙල මහ නගර සභාවට ද හිමි වුණා. මෙම උත්සව අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන්, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය සහ පළාත් පාලන කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් එක් වුණා.
Category: Video Gallery | Created by: | Hits: 13469

Search