සම්බන්ධිත පුවත්

technology meetingරජයේ පාසල්හි අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහා නිකුත් කරන ලද නව චක්‍රලේඛය (චක්‍රලේඛ අංක-2015/05) 2015.01.29  දින නිකුත් කරන ලදී.මෙම චක්‍රලේඛයට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පසුගිය අවස්ථා කිහිපයකදී අමාත්‍යංශ නිලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් පවත්වන ලද රැස්වීම්වලදී දැඩිව අවධාරණය කරන ලදි. මෙම නව චක්‍රලේඛය (චක්‍රලේඛ අංක-2015/05)

tiran20alles2අද පාන්දර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ ලේකම් හා ජාතික සංවිධායක ටිරාන් අලස් මහතාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහුගේ ජීවිතය පවා හානිකිරීමට රජය ගත් නින්දිත ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බව එජාප ජාතික යොවුන් පෙරමුණේ සභාපති අකිල විරාජ් කරියවසම් මහතා ප්‍රකාශ කරයි. මෙය ඉතා පහත් නින්දිත වැඩක් බවත් ටිරාන් අලස් කියන්නේ රජයට විරුද්ධ දේශපාලන පක්ෂයක ප්‍රධානියෙක්. ඔහුගෙන් මීට ඉස්සෙල්ලත් විවිධ අයුරින් මේ රජය පලි ගෙන තිබෙනවා. දැන් ගෙදරටත් බෝම්බ ගහලා. ඒක ඉතාමත් කැත වැඩක් ලෙස වැඩිදුරටත් කියා සිටියේය.

election fire 1කුරුණෑගලදී කිසියම් පුද්ගලයකු සැඟවී සිට කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා බේරී තිබෙන්නේ අනූනවයෙනි.වෙඩි තැබීම සිදුව තිබෙන්නේ ඊයේ පෙරවරු 4.00 ට පමණ කුරුණෑගල නගර සභාවේ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදීය.

akila ayya 020අධ්‍යාපනයේ පිස්සු බල්ලන් පිරිසක් විසින් අපොස උසස් පෙළ ප්‍රථිපල නිකුත් කෙළෝය. එම ප්‍රතිඵල දුටු දරුවන්ට පිස්සු හැදුනෝය. දෙමාපියන්ට ඊටත් වඩා පිස්සු හැදුනෝය. පසුව ප්‍රථිපල නිකුත් කිරීම නතර කර නිවැරදි කළා කියා යළි ප්‍රථිඵල නිකුත් කෙළෝය. එයද පිස්සු ප්‍රථිපලයකි. මෙහි දැක්වෙන්නේ ඊට උදාහරණයකි. මේ දරුවා කලා විෂයන්ගෙන් උසස්පෙළ ලියූ අයෙකි. ඔහුගේ ප්‍රථිපලයට ගණිතය විෂයේ ප්‍රථිපලයක් පෙන්වයි. පිස්සු බලූ ඇමැතිවරුනි, එම ඇමැතිවරුන් පත් කළ පිස්සු බලූ නායකයාණෙනි, දේශයේ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර මේ වැඬේ කරන්න පුළුවන් කට්ටියකට දෙනු මැනවි.

Akila wishesඅදට (14) යෙදෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අකිල විරාජ් කාරියවසම් මහතා, ශ්‍රේෂ්ඨ සංස්කෘතික දායාදයක් හිමි හින්දු බැතිමතුන් තෛපොංගල් දිනය රට පුරා උත්සව ශ්‍රීයෙන් සැමරීම ශ්‍රී ලංකාවේ බහු ජාතික ස්වරූපයේ මහඟු සංකේතයකි. සාමය සහජීවනය හා අවබෝධය සහිත අප සමාජයේ අරමුණ දෙසට කැපවීම මේ උත්සවයෙන් පිළිබිඹු වේ. ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනා කරන අතර, සාමය සහ සෞභාග්යය උදෙසාත්, අප මවුබිමේ සියලු ජන කොටස් අතර අසීමිත විශ්වාසය හා අවබෝධය ඇතිවීම සඳහාත් වූ ඔවුන්ගේ පැතුමට මම ද එක් වෙමි.

akila front4ශ්‍රී ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භකිරීමේ වැඩපිළිවෙලට විරෝධතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම විශ්ව විද්‍යාල මෙරට පිහිටුවීමේ දී විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු අතර දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ඒවා පවත්වාගෙන යා යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. දේශීය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂාකර ගනිමින් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩ ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.

Search