වෙඩි ප්‍රහාරයකින් අකිල විරාජ් නූලෙන් බේරේ

මුද්‍රණය

election fire 1කුරුණෑගලදී කිසියම් පුද්ගලයකු සැඟවී සිට කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා බේරී තිබෙන්නේ අනූනවයෙනි.වෙඩි තැබීම සිදුව තිබෙන්නේ ඊයේ පෙරවරු 4.00 ට පමණ කුරුණෑගල නගර සභාවේ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදීය.

සිද්ධිය ගැන විස්තර කළ කාරියවසම් මන්ත්‍රීවරයා කීවේ කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිටි ජෙනරාල් ෆොන්සේකා මහතාගේ නියෝජිතයින් ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් විසින් පලවා හැර ඇති අතර කීපදෙනකුට එම ස්ථානයෙන් පිටතට ඒමට නොහැකි තත්ත්වයක් පැවැති නිසා තමා පොලිසියට දැනුම්දී තමාගේ ද ආරක්ෂක භටයින්ද යොදවා එම අයද මුදාගත් බවත් පසුව ඔවුන් කුලියාපිටියට ගෙනයාම සඳහා තම නියෝජිතයින් සහ තමා වෑන්රථයට ගොඩනගින අවස්ථාවේ තමාගේ ප්‍රාඩෝ වර්ගයේ පැජරෝ රථයද වෑන්රථය ඉදිරියෙන් නතර කර තිබූ අතර එ අවස්ථාවේ ටී-56 ගිනිඅවියකින් එකවරම වෙඩි තැබූ අතර එම වෙඩි උණ්ඩය ඉදිරිපස වීදුරුවට වැදී පසුපස වීදුරුවද පසාකරගෙන ගොස් තිබෙන බවත් තමාගේ ජීවිතය බේරුණේ අනූ නවයෙන් බවත් පැවැසීය.

කාරියවසම් මහතා කීවේ මෙම වෙඩි තැබීම ගිනිඅවිය ඉතාම හුරුපුරුදු අයකු විසින් තබන ලද බවයි.

election fire 2 election fire 23