විභාග දෙපාර්තමේන්තුවේ අත්වැරදීමකින් දත්ත විනාශ වෙලා: එය හංගනවා: මන්ත්‍රී අකිලගෙන් චෝදනා

මුද්‍රණය

akila ayya 020අධ්‍යාපනයේ පිස්සු බල්ලන් පිරිසක් විසින් අපොස උසස් පෙළ ප්‍රථිපල නිකුත් කෙළෝය. එම ප්‍රතිඵල දුටු දරුවන්ට පිස්සු හැදුනෝය. දෙමාපියන්ට ඊටත් වඩා පිස්සු හැදුනෝය. පසුව ප්‍රථිපල නිකුත් කිරීම නතර කර නිවැරදි කළා කියා යළි ප්‍රථිඵල නිකුත් කෙළෝය. එයද පිස්සු ප්‍රථිපලයකි. මෙහි දැක්වෙන්නේ ඊට උදාහරණයකි. මේ දරුවා කලා විෂයන්ගෙන් උසස්පෙළ ලියූ අයෙකි. ඔහුගේ ප්‍රථිපලයට ගණිතය විෂයේ ප්‍රථිපලයක් පෙන්වයි. පිස්සු බලූ ඇමැතිවරුනි, එම ඇමැතිවරුන් පත් කළ පිස්සු බලූ නායකයාණෙනි, දේශයේ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර මේ වැඬේ කරන්න පුළුවන් කට්ටියකට දෙනු මැනවි.

මේ සම්බන්ධයෙන් අද පැවැති එජාප ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තවත් කරුණු අනාවරණය කෙරිණ

ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමේ දී පළමු ප්‍රතිඵලයෙන් වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි ශිෂ්‍යයා එයින් ඉවත්ව ඇති බව එම ශිෂ්‍යාවගේ පියා මා සමග පැවසුවා. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල පරිගණකයට ඇතුළත් කරද්දී විභාග දෙපාර්තමේන්තුවේ අත්වැරදීමකින් ඒ දත්ත සියල්ල විනාශ වෙලා ඇතැයි එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්රික් පා.ම අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (27* කොළඹ විපක්ෂනායක නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඒ මහතා එහිදී මෙසේද පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුදය හිගන්නාගේ තුවාලය වගෙයි.... කවදාවත් මේ ප්‍රශ්නවලට බලධාරීන්ට විසඳුමක් දෙන්න බැරි වුණා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලූ නිරවුල් නොකිරීම ගැන පක්ෂයක් ලෙස අපි දැඩිව හෙළා දකිනවා. මුල සිටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලූවලට විසඳුම් නොදුන් නිසා අද උසස් පෙළ ප්‍රතිඵල මගින් මේක තවත් උග්‍ර වී තිබෙනවා. විභාග ප්‍රතිඵලය කියන්නේ දරුවන්ගේ අනාගතය තීරණය වන සන්ධිස්ථානයක්. නමුත් ආණ්ඩුව මේ තත්ත්වය දෙස සුළුවෙන් තමයි බලන්නේ.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව නින්දෙන් අවදිවූ සේ සිදු කළා. ඔවුන්ට නියමිත කාලයට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වුණා. විභාග දෙපාර්තමේන්තුවත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, උසස් අධ්‍යාපන අමාත්‍යාශයත් නිසි සම්බන්ධීකරණයකින් තොරව මේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යට මැදිහත්ව සිටිනවා.

කොහොම නමුත් උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදවීම ගැන ජනාධිපතිවරයා බැණ වැදුණේ යැයි ඇමැති එස්.බී. දිසානායකම කියනවා. ජනාධිපතිගෙන් බැණුම් අහලත් මෙයලට නිවැරදි ලෙස ප්‍රතිඵල දෙන්න බැරි වුණා. නත්තල් දිනය දා රාත්රියේ 11.00 ට පමණ කඩි මුඩියේ උසස් පෙළ ප්‍රතිඵල අන්තර් ජාලයට මුදාහැරියා. මෙම ප්‍රතිඵලවල දිස්ත්‍රික් කුසලතාවය, සමස්ථ ලංකා කුසලතාවය සේම ප්‍රතිඵලත් එකකට එකක් පරස් පරයි. විද්‍යා විෂයධාරාවෙන් විභාගයට පෙනී සිටි ශිෂ්‍යාට කලා විෂයන්ගෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දරුවන් පෙනී සිටි විභාගයේ ප්‍රතිඵල නොවේ විභාග දෙපාර්තමේන්තුව ඔවුන්ට නිකුත් කර තිබෙන්නේ.

දිස්ත්‍රික් කුසලතාවය හා සමස්ථ ලංකා කුසලතාවය වෙනසක් පවතින බව කියමින් එම ප්‍රතිඵල අත්හිටුවා දවසින් නැවත ප්‍රතිඵල සංශෝධනය කරන බව ආණ්ඩුව කියනවා. නමුත් දිස්ත්‍රික් කුසලතාව හා සමස්ථ ලංකා කුසලතාව එක දිනයකදී හදන්න බැහැ. ඒක මහා බොරුවක්. මේ වරද කරන්න එපා කියා අපි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලනවා. ඔවුන් සෙල්ලම් කරන්නේ දරුවන්ගේ අනාගතය සමගයි.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමේ දී පළමු ප්‍රතිඵලයෙන් වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි ශිෂ්‍යාව එයින් ඉවත්ව ඇති බව එම ශිෂ්‍යාවගේ පියා මා සමග පැවසුවා. මේ නිසා දරුවෝ අසරණ වෙනවා. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල පරිගණකයට ඇතුළත් කරද්දී විභාග දෙපාර්තමේන්තුවේ අත්වැරදීමකින් ඒ දත්ත සියල්ල විනාශ වෙලා. මේ ගැන කිසි පරීක්ෂණයක් නැහැ.

උසස් පෙළ ප්‍රතිඵල 25 වැනි දා රාත්‍රියේ නිකුත් කළත් විදුහල්පතිවරු එම ප්‍රතිඵල දරුවන්ට දෙන්න බිය වුණා.මොකද විදුහල්පතිවරුන්ට තේරුණා මෙහි ගැටලූවක් තියෙනවා කියලා.

කොහොම වුණත් අපි පක්ෂයක් ලෙස කියන්නේ නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල අහෝසි කොට එය නැවත පූර්ණ අධීක්ෂණයකට ලක් කිරීමෙන් පසු නිවැරදි ප්‍රතිඵල නිකුත් කරන්න කියලයි. මෙම නැවත අධීක්ෂණයේ දී දේශපාලන අත පෙවීම්වලින් තොරව එය කළ යුතු වෙනවා. නැතිනම් නැවතත් මේ ප්‍රතිඵල අවුල් වේවි. අධ්‍යාපනයට වැරදුණේ දිගින් දිගටම දේශපාලන පත්වීම් හා දේශපාලන අතපෙවීම් සිදු වූ නිසයි. 2008 දී ගණිත ප්‍රශ්න පත්‍රය අවුල් සහගත වුණා. එම නිසා නැවත ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ශිෂ්‍යයන්ට සිදු වුණා. එදා දෙවරක් ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ සිසුන් මෙවරත් ප්‍රතිඵල අවුලේ ඇබැද්දියට මුහුණ පා සිටිනවා.

මේ ප්‍රශ්නයේ දී නැවත නැවත විභාගය පවත්වන්න කියා අපි කියන්නේ නැහැ. නමුත් අපි ඉල්ලන්නේ නිසි අධ්‍යයනයක් කොට නිවැරදි ප්‍රතිඵල දරුවන්ට ලබා දෙන ලෙසයි. මොකද දරුවෝ මේ ප්‍රතිඵල විශ්වාස කරන්නේ නැහැ.

ආණ්ඩුවට වාර විභාගයක්වත් තියා ගන්න බැහැ. ඒ වගේම පෙළ පොත් ටික නිවැරදිව දරුවන්ට ලබා දෙන්න බැරි වුණා. උත්තර පත්‍ර පරීක්ෂාවේදී ප්‍රශ්න මතු වුණා. ළමුන් පාසලට ඇතුළත් කර ගැනීමේ සිට විභාග පැවැත්වීම දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රය අවුලෙන් අවුලටම පත් වෙලා. උසස් පෙළ ප්‍රතිඵල ගැටලූව සම්බන්ධයෙන් වගකීම් භාර ගන්න කිසි කෙනෙක් නැහැ. ඇමැතිවරයා එකක් කියද්දී නියෝජ්‍ය ඇමැතිවරයා තව එකක් කියනවා. විභාග කොමසාරිස් ඒ දෙකටම පටහැනි තව එකක් කියනවා. දේශපාලන හෙංචයියන් අධ්‍යාපනයට අතපෙවීමේ ගැටලූව තමයි මේ පේන්නේ.

කොහොම වුණත් මේ ගැටලූව සම්බන්ධ්යයෙන් අධ්‍යාපන ඇමැතිවරයාත්, උසස් අධ්‍යාපන ඇමැතිවරයාත් වගකීම භාර ගන්න ඕනේ. අධ්‍යාපනයට ඇමැතිවරු හතර දෙනෙකුත් අපෙන් ගිය අධීක්ෂණ මන්ත්‍රීවරයකුත් සිටිනවා. එහෙම ඉඳලත් නිවැරදි ප්‍රතිඵලයක් දෙන්න බැරි වුණා. කටුණායක සිද්ධියේ දී පොලිස්පතිට තානාපති ධූරයක් ලබා දී විශ්‍රාම යැව්වා සේ විශ්‍රාම ගැනීමට සිටින විභාග කොමසාරිස්වරයාට මෙම අවුල් ඇති කිරීම සම්බන්ධයෙන් ලබා දෙන්නේ කුමන තානාපති ධූරය ද යන්න අපි ප්‍රශ්න කරනවා.

අධ්‍යාපන ඇමැතිවරයාටත් නොතේරෙන ක්‍රම හදනවා වෙනුවට අධ්‍යාපනයට සරල ක්‍රමයක් සකස් කරන්නැයි අපි ආණ්ඩුවට කියනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවාය කියූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය බාලගිරි දෝෂයට ලක් වෙලා. ඇති වූ ගැටලූව නිවැරදි නොකරන්නේ නම් දරුවන් හා දෙමාපියන් එකතු කර ගෙන ආණ්ඩුවට එරෙහිව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නවා.