පාසල් රාජකාරී කාලය තුළ උපකාරක පන්තිවල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට එරෙහිව දැඩි නීති ගෙන එනවා
පාසල් රාජකාරී කාලය තුළ උපකාරක පන්තිවල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට එරෙහිව දැඩි නීති ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පළ කළේ, පසුගිය දා පාර්ලිමේන්තුවේ දී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් පද්ධතියේ පවත්නා ගුරු පුරප්පාඩු සහ අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට හැකි ඉක්මණින් පියවර ගන්නා බවත් සඳහන් කළා.
Category: Video Gallery | Created by: | Hits: 4828