Video Gallery

×

Warning

JUser: :_load: Unable to load user with ID: 615

ඉදිරියේ දී උපාධිධාරීන් 15000 කට රැකියා ලබාදීමට රජය පියවර ගන්නවා

ජාතික පාසල් සඳහා උපාධිධාරීන් 1288 කට ගුරු පත්වීම් ඉදිරියේ දී රජය, තවත් උපාධිධාරීන් 15000 කට රැකියා ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (08) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවති ජාතික පාසල් සඳහා උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින්. ඉදිරි මාස කිහිපය තුළ දී තවත් ගුරුවරුන් 10000 ක් බඳවා ගැනෙන බවත් ඉදිරියේ දී මෙරට තරුණ තරුණියන්, තමන්ට රැකියා නොමැති බව පවසමින් උද්ඝෝෂණය කරන පිරිසක් බවට පත් නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා. මෙම උත්සවයේ දී පත්වීම් ලැබූ උපාධිධාරීන් හට අමාත්‍යවරයා පැහැදිලි කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ඔවුන්ගේ අදහස් ද අතිශය වැදගත් බවයි. සියළු පාර්ශව එක්ව රටෙහි අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් ලොව බලගතු රටක් සහ ජාතියක් බවට පත්වීමේ අවස්ථාව ද අපට හිමිවන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා. පාසල් අධ්‍යාපනයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ අරමුණින් සෑම අධ්‍යාපන කලාපයක් තුළ ම අතිරික්ත ගුරු සංචිතයක් ඇතිකිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මෙහි දී කියා සිටි අධ්‍යාපන අමාත්‍යවරයා, ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින සෑම පුරප්පාඩුවක් ම සෑම වසරක් පාසා ගැසට් කිරීමට කටයුතු යොදන බවත් සඳහන් කළා. මෙම සෑම පියවරක් ම රටේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ගෙන ඇති අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිදු පත්වීමක් දේශපාලන පදනම මත සිදුකර නොමැති බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී අවධාරණය කර සිටියා. උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ ව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යයන්ගෙන් විද්‍යා, ගණිත, වාණිජ මෙන්ම තොරතුරු තාක්ෂණ සහ වෙනත් විෂයධාරා රැසකට අදාළ ගුරු පත්වීම් 1288 ක් මෙහි දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් පිරිනැමුණා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

Category: Video Gallery | Created by: | Hits: 9976