මෙතෙක් රජයකින් නොලැබුණු ප්‍රදානයක්...අපි හදපු ගොඩනැගිලි 'දේශපාලන නායකයන් පැමිණ විවෘත කරන රටක' අපට ගොඩනැගිල්ලක් ලබාදෙන පළමු අවස්ථාව මෙයයි..

මුද්‍රණය

හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90වන සංවත්සරය නිමිත්තෙන් බහුතාක්ෂණ විද්‍යාගාරය සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා ඵලකය විවෘත කිරීම අධ්‍යාපන අමා‍ත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස පස්වන සිකුරාදා පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් සිරස නාලිකාවේ පැවති වැඩසටහනකදී පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය ලබුගම නාරද ස්වාමීන් වහන්සේ පළ කළ අදහස් මෙසේයි.