එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැගිලි 250ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීමේ ජාතික මහෝත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (4) පෙරවරු 10.00 ට පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණා.
