“ගුරු-විදුහල්පති සේවාවල දිගු කලක් නොවිසඳුණු ගැටලු රැසකට විසඳුම් ලබා දෙන්නට අපට හැකිවුණා”

මුද්‍රණය

ගුරු-විදුහල්පති සේවාවේ දිගු කලක් තිස්සේ විසඳුම් ලබා නොදී පැවති ගැටලු රැසකට විසඳුම් ලබා දෙන්නට තම නායකත්වය යටතේ හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් සක්‍රීය ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබෙන දායකත්වය සුළුපටු නොවන බවත්, සියලු වෘත්තිකයින් බිහිකළ හැකි එකම වෘත්තිය ගුරු වෘත්තිය වන හෙයින් රැකියාවකට  එහා විහිදුනු ගෞරවනීය වෘත්තියක නිරත වන සියලු ගුරු-විදුහල්පතිවරුන් වෙත කෘතවේදීත්වය පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් පුහුණු මානව සම්පත් ආයෝජනය කළ යුතු බවත් සේවා තෘප්තියක් සහිතව තම වෘත්තීය මෙහෙවරෙහි  යෙදෙන්නට සියලු ගුරු-විදුහල්පතිවරුන්ට අවකාශ සැලසිය යුතු බවත්  අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරයි.

2015 වසරේ දී අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු ආරම්භ කරන්නටත් පෙර විපක්ෂයේ වසර  10 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක් වශයෙන් ගුරු-විදුහල්පති සේවාව තුළ පැවති විවිධ ගැටලු හඳුනාගත් බැවින් ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් හඞ නැගු බවත්, පසුගිය රජය සමයේ මෙරට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටළු සම්බන්ධ ව නිසි අවධානය යොමු නොකිරීම සහ දේශපාලන න්‍යායපත්‍ර අනුව වාසිදායක තීන්දු තීරණ පමණක් ක්‍රියාවට නංවමින් කටයුතු කිරීම හේතුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පැහැදිලිවම වෘත්තීය පසුබැමකට හා කළකිරීමට ලක්ව සිටි බවත්, මේ නිසා අන්  කවර රජයකටත් වඩා එම ගැටලු කෙරෙහි සංවේදීවෙමින් දිගුකාලීන ස්ථාවර විසඳුම් ක්‍රියාවට නැංවුයේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි. වැටුප් සම්බන්ධ ව සලකා බැලීමේ දී  2015 වසරේ පැවති තත්ත්වය සහ 2020 වසර වනවිට එක් එක් ශ්‍රේණිවල ගුරු-විදුහල්පතිවරුන්ට උපයාගත හැකි වැටුප වැඩිවී ඇති ආකාරය අනුව මේ බව මැනවින් තහවුරු වෙයි.

2015 වසරේ දී ගුරු සේවයේ 3 පන්තියේ ii  ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප රුපියල් 13410/- සිට 2020 වර්ෂයේ දී එය රු 27740/- දක්වා රුපියල් 14330කින් වැඩි වී ඇත. එමෙන් ම ගුරු සේවයේ පළමු පන්තියේ ගුරුවරයෙකුට රු 81950/-ක් දක්වා වන උපරිම වැටුපක් සියලු දීමනා සහිත ව උපයාගත හැකි ය. 2015 වසරේ දී පළමු පන්තියේ ගුරුවරයෙකුගේ ආරම්භක මූලික වැටුප වූයේ රු 21750/-කි.   විදුහල්පති සේවයේ 1 පන්තියේ නිලධාරියෙකුට මේ අනුව දීමනා සහිත ව උපයාගත හැකි උපරිම වැටුප රු 91425/-කි.  2015 වසරේ දී 1 පන්තියේ විදුහල්පතිවරයෙකුගේ ආරම්භක මූලික වැටුප වූයේ රු 22415/කි.

 තව ද, විශ්‍රාම වැටුප අවමය රු  2800/- සිට උපරිමය රු 20,000/-ක් දක්වා ඉහළ නැංවීමට ද කටයුතු කර ඇත.  මීට අමතරව, අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ වගන්ති 16ක් සංශෝධනය කරමින් ගුරුවරුන්ගේ  උසස්වීම් සඳහා පැවති බාධා මේ වනවිට ඉවත් කර ඇත. මෙතෙක් පැවති රජයන් යටතේ නිසියාකාරව සිදු නොවුණු ගුරු-විදුහල්පති පුහුණු කටයුතු වඩාත් ක්‍රමවත් කරමින් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා දරුවන් වෙත ලබාදීමට හැකි පුහුණු මානව සම්පත් ලෙස ගුරු-විදුහල්පතිවරුන් සංවර්ධනය කිරීම වෙනුවෙන් දේශීය හා විදේශීය පුහුණු අවස්ථා රැසක් සම්පාදනය කර කරන ලදී.

එමෙන් ම, 2015 වසර වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පැවති 3 පන්තියේ පුරප්පාඩු වෙනුවෙන් කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව, 2016 වර්ෂයේ දී නිලධාරීන් 3901ක් බඳවාගැනීමට කටයුතු කරන ලදී. නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග ඇති වූ විදුහල්පති සේවයේ 2-1 පන්තියේ සිටි නිලධාරීන් 2000කට ආසන්න පිරිසකට ඇති වී තිබූ විශ්‍රාම වැටුප් හා වැටුප් ලබාගැනීමේ ගැටළුවට සේවා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් සහන ලබාදීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියට සහ 1 පන්තියට උසස්වීම් ලබාදීම 2015 වසර තෙක් ප්‍රමාද වී පැවති අතර 2016 වසරේ දී එය කඩිනම් කිරීමට විධිවිධාන යොදා ඇත. 2015 වසරේ දී රුපියල් 750ක් වැනි සුළු දීමනාවක් ලෙස  පැවති විදුහල්පති දීමනාව මේ වනවිට රුපියල් 6500/-ක් දක්වා ඉහළ නංවා තිබේ.

නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ කටයුතු වල 2015ට පෙර පැවති ප්‍රමාදය ඉවත් කරමින් එම කටයුතු කඩිනම් කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලදී. එමෙන් ම අධිසේවක පදනම මත විදුහල්පති තනතුරු ලබාගත් නිලධාරීන් විශ්‍රාමගැන්වීමේ දී ඇති වී තිබූ ගැටළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් විසඳීමට කටයුතු කරන ලදී. එසේ ම, අධිසේවක පදනම මත පත්වීම් ලත් නිලධාරීන්ගේ වැටුප් සැකසීමේ දී ඇති ව තිබූ ගැටළුකාරී තත්ත්වයන්ට ද විසඳුම් ලබා දී තිබේ.

2005/2006 වර්ෂයේ විදුහල්පති සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් පැවති සීමිත තරග විභාගය මත අවස්ථා 4 ක දී පත්වීම් ලබාදීම හේතුවෙන් එම පත්වීම්ලාභීන්ට ඇති වී තිබූ ගැටළු සඳහා අන්තර්කාලීන විධිවිධාන දීර්ඝ කිරීම තුළින් සහන ලබාදීමට කටයුතු කර ඇත. මේ වන විට විදුහල්පති සේවයට නවක නිලධාරීන් 1918ක් බඳවා ගැනීමට ද කටයුතු කරමින් පවතී.

නිදහස් අධ්‍යාපනය ක්‍රියාවට නැංවීමෙන් පසුව මේ දක්වා ගත වූ දශක කිහිපයක ඉතිහාසය විමසිලිවත් ව සොයාබලන ඕනෑම අයෙකුට, මෑතකාලීන ව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුකර ඇති වෙනස්කම්, හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මෙන් ම භෞතික හා මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රියාත්මක වී ඇති ආකාරය හොඳින් අවබෝධ කරගත හැකිවනු ඇති බව ද, ජනප්‍රිය දේශපාලන තීන්දු වෙනුවට රටේ අධ්‍යාපනයේ දැවෙන ගැටළු කෙරෙහි සංවේදී වෙමින් ඒවා එකින් එක විසඳමින් රටේ දරුවන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කටයුතු කරනවිට අධ්‍යාපනයට හිතැති බුද්ධිමත් පුරවැසියන් කළ යුත්තේ දේශපාලන භේදයකින් තොරව ඒ වෙනුවෙන් සහයෝගය ලබාදීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙතෙක් අධ්‍යාපන පද්ධතියේ පැවති ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දුන් ආකාරයට ම ගුරු වැටුප් විෂමතා සම්බන්ධව ස්ථාවර විසඳුම් ලබාදීමට ද මේ වනවිටත් කටයුතු කරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.


ගුරු සහ විදුහල්පති වැටුප් වැඩිවීමේ ආකාරය පිළිබිඹු කෙරෙන වගු සටහන මේ සමඟ යොමු කර ඇත.

 

ශ්‍රී ලංකා ගුරු සේවයේ එක් එක් ශ්‍රේණි අනුව 2015 වර්ෂයේ සිට වැටුප් වැඩිවීම

 


පන්තිය හා ශ්‍රේණිය

2015


(ආරම්භක මූලික වැටුප)




2020 (ආරම්භක මූලික වැටුප)

වැඩිවීම

 3 පන්තියේ II ශ්‍රේණිය

රු 13410/-

රු 27740/-

රු 14330/-

3-1 පන්තියේ


ඇ ශ්‍රේණිය

රු 14280/-

රු 29540/-

රු 15260/-

3-1 පන්තියේ


ආ  ශ්‍රේණිය

රු 14640/-

රු 30300/-

රු 15660/-

3-1 පන්තියේ


අ ශ්‍රේණිය

රු 15540/-

රු 32200/-

රු 16660/-

2 පන්තියේ  II ශ්‍රේණිය

රු 16100/-

රු 33300/-

රු 17200/-

2 පන්තියේ  ශ්‍රේණිය

රු 18950/-

රු 39175/-

රු 20225/-

1 පන්තිය

රු 21750/-

රු 44950/-

රු 23200/-











පන්තිය හා ශ්‍රේණිය

දීමනා සහිත ව උපයාගත හැකි උපරිම වැටුප

3 පන්තියේ II ශ්‍රේණිය

රු 39540/-

3-1 පන්තියේ


ඇ ශ්‍රේණිය

රු 40220/-

3-1 පන්තියේ


ආ  ශ්‍රේණිය

රු 42120/-

3-1 පන්තියේ


අ ශ්‍රේණිය

රු 43390/-

2 පන්තියේ  II ශ්‍රේණිය

රු 48795/-

2 පන්තියේ  ශ්‍රේණිය

රු 54425/-

1 පන්තිය

රු 81950/-

 



 



 



 



 



 



 



 

විදුහල්පති සේවයේ එක් එක් පන්තිය සඳහා 2015 වසරේ සිට වැටුප් වැඩිවීම්

 


පන්තිය

2015

2020

වැඩිවීම්

ශ්‍රී.ලං.වි. සේ.3

රු.17060/-

රු.35280/-

රු.18220/-

ශ්‍රී.ලං.වි. සේ.2

රු.19370/-

රු.40040/-

රු.20670/-

ශ්‍රී.ලං.වි. සේ.1

රු.22415/-

රු.46325/-

රු.23910/-

 


පන්තිය

දීමනා සහිත ව උපයාගත හැකි උපරිම වැටුප

ශ්‍රී.ලං.වි. සේ.3

රු.53740/-

ශ්‍රී.ලං.වි. සේ.2

රු.60240/-

ශ්‍රී.ලං.වි. සේ.1

රු.91425/-