ජපානයේ පැවැත්වෙන ‘සකුරා විද්‍යා වැඩසටහනට’ සම්බන්ධ වීමට සිසුන් 10 දෙනෙකුට ගුවන් ටිකට් පත්

මුද්‍රණය

unnamed

ජපානයේ, විද්‍යා හා තාක්ෂණික ඒජන්සිය විසින් සංවිධානය කරනු ලබන ‘සකුරා විද්‍යා වැඩසටහන’ සඳහා සහභාගී වන සිසුන් වෙත ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම ඊයේ (08) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු‍ කෙරුණා.

විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයත්, ජපානයේ විද්‍යා හා තාක්ෂණික ආයතනයත් අතර ඇති වූ එකඟතාවක ප්‍රතිඵලයක් ලෙස, සිසුන් 10 දෙනෙක් සහ සුපරීක්ෂකවරුන් දෙදෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වූ අතර, පසුගිය වසරවල විද්‍යා හා ගණිත ඔලිම්පියාඩ් තරගාවලීන්හි දී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක් වූ සිසු දරුවන් අතරින් මේ සඳහා සිසුන් තෝරා‍ගෙන තිබෙනවා.
දෙසැම්බර් 11- 17 දිනයන්හි දී, මෙම වැඩසටහන ජපානයේ දී පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.