උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට රැකියාගත වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ද එක් වෙයි.

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් 2017 වසරේ සිට ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ  උසස්‍ පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට සිය රැකියාගත  වෘත්තීය පුහුණුව ලබාදිමට  රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික පුහුණු ආයතන රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ ව සිටියි.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ද මෙම වැඩසටහන යටතේ උසස් පෙළ හදාරන සිසුන් වෙත NVQ 04 මට්ටමේ වෘත්තීය  පුහුණුව ලබාදීමට එකඟතාවය පළකර ඇති අතර ඊට අදාළ සහයෝගීතාව තහවුරු කිරීමේ අවබෝධතා ගිවිසුම පසුගිය දා (2019-08-01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන ලේකම් එම්.එන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති දිලිප් ද සිල්වා මහතා විසින් අත්සන් කෙරිණි.

ඉදිරියේ දී ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය ද වෘත්තීය  පුහුණුව ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතයි.

මේ වනවිට එම ආයතන තුළ 2018 වසරේ වෘත්තීය විෂයධාරාව පුහුණුවට එක්වූවන්ට රැකියාගත පුහුණුව ලබාදෙමින් පවතියි.