ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ කණිෂ්ඨ ශූරතාව දිනාගත් සිසු දරුවන්ට ඉන්දුනීසියාවට ගුවන් ටිකට්පත්

මුද්‍රණය

unnamed2
ජාතික ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ 2016 කණිෂ්ඨ අංශයේ ශූරතා දිනාගත් සිසුන් 19 දෙනෙකු‍ට නොවැම්බර් මස 09 දින සිට 13 දින තෙක් ඉන්දුනීසියාවේ පැවැත්වෙන 13 වන ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කිරීම සඳහා යාමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා.

මෙහිදී ගණිත අංශය වෙනුවෙන් එල්. ඩී. පතිරණ (රාජකීය විද්‍යාලය, කොළඹ 07), ආර්. ඒ. එම්. එන් ද සිල්වා (ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය), ටී. ඒ. බිනුර තේජාන් (ඩී.එස් සේනානායක විද්‍යාලය, කොළඔ 07), ඩී.කේ. ඩී. ටෙසන්යා(දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08), කේ. එම්. අන්ෆාස් (මෙත්තායිපල්ලි විද්‍යාලය, මඩකලපුව), අයි.බී. දිසානායක (රාජකීය විද්‍යාලය, කොළඹ 07) යන සිසු සිසුවියන්ද

විද්‍යා අංශය වෙනුවෙන් අයි.කේ.බී.සන්දිරිගම (මලියදේව පිරිමි විද්‍යාලය, කුරුණෑගල), එස්.වී.කහදගමගේ (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), නවෝද්‍යා එස්. ලියනපතිරණ (මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල), ඩී.එම්.ආර්.පී.රත්නවීර මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල), ආර්.ඩී.එල්.සී.කුලරත්න (බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය) ඩබ්.ඩබ්.ඒ.එච්. දුලාජ් ප්‍රනාන්දු (රාජකීය විද්‍යාලය-කොළඹ 07), එස්.ඩී.එච්. සෙනෙවිරත්න (මලියදේව බාලිකා විද්‍යාලය-කුරුණෑගල) යන සිසු සිසුවියන්ද අමාත්‍යවරයා අතින් තම ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගත්තා.

කණ්ඩායම් නායක වශයෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජී.ඵල්. නිරීෂා මහත්මිය ද, කණ්ඩායම් නියෝජ්‍ය නායක වශයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ වසන්ත වික්‍රමගේ මහතා ද, නිබන්ධක වශයෙන් කු/මලියදේව බාලිකා විද්‍යාලයේ උප ගුරු ඵස්.කේ.බී.ඵම්.කේ.භානුගුප්ත මහතා ද, බණ්ඩාරවෙල ග්‍රෙගර්ස් දෙමළ විද්‍යාලයේ සවුන්දරාජා මහතා ද 13 වන ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මෙම ජාත්‍යන්තර තරගය නියෝජනය කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔලිම්පියාඩ් ජාතික ශූරයින්ට විශේෂ නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල පැවැත්වුණා.
මව්බිමට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදෙන්නට ජාතික ඔලිම්පියාඩ් ගණිත හා විද්‍යා කණිෂ්ඨ ශූරයින් සැමට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තම සුභාශිංසන සිසු දරුවන් වෙත පලකළා.